ඊයේ (28 වනදා) පුත්තලම – කවයන්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතිබවට හඳුනා ගැනීමෙන් පසු ඔහු ඇසුරු කළ පුද්ගලයන් ඇතුලු එම ගම්මානයේ සිටින පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් තීරණය කොට තිබේ. මේ සදහා සුදුසු ස්ථානයක් ලෙස පුත්තලම් සහිරා විද්‍යාලය හුදකලා මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී. ඉන්පසු මෙම පුද්ගලයින් සහිරා විද්‍යාලයේ නීරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතව ඇත. කවයන්කුලම ගම්මානය මේ වන විට වසා දමා ඇත.දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය, පුත්තලම් නාගරික කවුන්සිලය, සන්නද්ධ හමුදා සහ මහජන සෞඛ්‍ය වැඩමුළුව ඒකාබද්ධව මෙම කටයුතු සිදු කරනු ලැබේ.
ඡ
ඡායාරූප උපුටාගැනීම – puttalamonline.com