Saturday, November 23, 2024

මනුෂ්‍යත්වයට ගරුකළ මොහොතක් – සුපර්මාකර් කතාවක්

Must read

90624482_10220243919441514_156171672376836096_n
අනිත් අයටත් ඇතුළට යන්න චාන්ස් එකක් දෙන්න ඕන නිසා එක හුස්මට ඔක්කොම බඩු ටික පටවගෙන සල්ලි ගෙවන කවුන්ටරේ ළඟට ගියා. මට ඉස්සරහින් හිටියේ අවුරුදු පනහක විතර කෙනෙක්. අවශ්‍යම කරන ජාති හත අටක් කවුන්ටරේ උඩින් තියලා බිල කීයක් එයිද කියල බලන් ඉන්නවා. බඩු වල හැටියට නම් ළමයි දෙතුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. අතේ තිබුණෙ සීයෙ කොල දෙකකුයි පණහෙ කොලේකුයි විතරයි.

මම හිතුව වගේම ඉලක්කම් හතරක බිලක් ! මේ තාත්තා පර්ස් එක දිගෑරලා කාඩ් එකක් ගත්තා.

“මේකෙන් තුන්සීයක් විතර ගන්න පුළුවන්ද බලන්න”

“මේකෙ සල්ලි නෑ වගේ”

“එහෙනම් මේ කාඩ් එකෙන් බලන්න. තව කීයක් මදි ද ?”

“මේකෙත් නෑ. තව අටසිය පනස් හතක් මදි”

“කමක් නෑ එහෙනම් බඩු අඩු කරන්න”
බැරිම තැන ඒ තාත්තා කිව්වා.

මේ සිද්ධිය ඔක්කොම අහගෙන පිටිපස්සෙ හිටිය මම, මගේ පර්ස් දිගෑරලා මදිපාඩුව දෙන්න හිතුවා විතරයි, එතන හිටපු ආයතනයේ සේවකයෙක් (උසස් නිලයක් දරන අයෙක් විය යුතුයි) එයාගෙ පර්ස් එකෙන් දාහක් ඇදලා “මේකෙන් ගන්න” කියලා කැෂියර් එකට දුන්නා.

“මට ෆෝන් නම්බරේ දෙන්න. මම පස්සෙ ඇවිත් සල්ලි ආපහු දෙන්නම්”

“එපා එපා. ඒක කමක් නෑ. මම මේ බ්‍රාන්ච් එකේ නෙමෙයි වැඩ කරන්නෙ”

“අනේ සැලරි වැටිල නෑ. ඒකයි මේ”  කතාව එතනින් ඉවරයි. ඒ මහත්මයගෙ නම “මේනක” එතන හිටපු කෙනෙක් නම කියල කතා කරනවා මට ඇහිලා මම මතක තියාගත්තා.

මේ සිද්ධිය නිසා ගොඩක් දේවල් මගේ හිතට ආවා. රටේ ඇතිවෙලා තියෙන මේ වගේ තත්ත්වයකදි අපේ මිනිස්සු කොච්චර අසරණ වෙනවද. තමන්ගෙ දරුවන්‍ට කන්න බොන්න දෙන්න බැරුව කොච්චර දුක් වෙනව ඇතිද.

ඒ වගේම අනිත් පැත්තට, අපේ මිනිස්සු කොච්චර පරිත්‍යාගශීලී ද, මිනිස්සුන්ට උදව් කරනවද. රුපියල් අටසිය පනහක් කියන්නෙ අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට සුළු මුදලක් නෙමෙයි. මම හිත හිත ඉද්දි ඒ මහත්මයා දෙපාරක් හිතන්නෙ නැතුවම ඒකට ඉදිරිපත් වුණ එක ගැන හිතේ ඇති වුණේ ලොකු පැහැදීමක්. ඔබට පින් !

උපුටා ගැනීම – මුහුනු පොතෙන් –
Softlogic Glomark Softlogic Glomark

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article