ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරවලින් එකක් වන මුම්බායි යනු රටේ කාර්යබහුලම නාගරික දුම්රිය පද්ධතියක් ඇති නගරයකි. පසුගිය සිකුරාදා මෙම දුම්රිය සේවාව සාමාන්‍ය මගීන්ට තහනම් කළ අතර රජයේ සහ අත්‍යඅවශ්‍ය සේවා සදහා ගමන් කරන්නන් සදහා පමණක් සීමා කරන ලදී. මෙයට හේතුව මේ වනවිට ඉන්දියාවේ කොරොනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමයි. දිනකට මිලියන අටක ජනතාවක් මුම්බායි හි දුම්රිය ප්‍රවාහනයේ ගමන් කරති. ඒමෙන්ම මේම දුම්රිය ගමන්සේවා තුළ මගීන් පිරී ඉතිරී තදබදයක් තුළ ගමන් කරයි .මේ වනවිට මුම්බායි නගරයේ කොරෝනා අසාධිත පුද්ගලයින් 60ක් වාර්තා වී තිබේ.