Saturday, November 23, 2024

පරෙයිමුනේ දූපතේ රැදී සිටි 13 දෙනෙකු ස්වයං නිරෝධායනයට

Must read

CORONA2NEW

(11.50am) කල්පිටිය – පරෙයිමුනේ දූපතේ රැදී සිටි බව කියන 13 දෙනෙකුව නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලීසියට බාර දීමට කටයුතු කර ඇත. 19 වැනිදා රාත්‍රීයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. විදේශ රටක සිට පැමිණි පිරිසක් පරෙයිමුනේ දූපතේ රැදී සිටින බවට කල්පිටිය නාවුක හමුදා කදවුරට 19 වැනිදා රාත්‍රීයේ තොරතුරක් ලැබී ඇත.ඒ අනුව එම දූපත වටලා ඇති නාවුක හමුදා නිලධාරීන් එහි රැදී සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර ගැහැණු දරුවන් තිදෙනෙකු සහ පිරිමි 10 දෙනෙකු සිට ඇත.ඔවුන්ගෙන් බහුතරයක් ධීවරයින් බවට හෙලිවී ඇත. මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් කීප දෙනෙකු ඒ අතර සිටින බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. බොහෝ දෙනෙකු  ඥාතීන් බවටද හෙලිවී ඇත.

පසුව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය කියයි. කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article