හලාවත වට්ටක්ක්ක්ලිය , රිදී වැල්ල ,අලුත්වත්ත , කාවටියාව්ත්ත , රත්න උයන , හලාවත වැල්ල ඇතුළු ධිවර ගම්මාන රැසක ධීවරයන් දහසකට ආසන්න පිරිසක් රැකියාවට යාම වර්ජනය කරමින් විරෝධතාවයක නිරතව සිටී. විරෝධයට හේතුව වන්නේ ධීවර රැකියාවේ තිබෙන සම්ප්‍රදායන්ට පිටින් ගොස් ඉතා සුළු පිරිසක් සේක්කල් නමින් හඳුන්වන රැකියාව කරමින් , බිත්තර සහිත මසුන් ඇල්ලීමයි. එම ගැටලුව නිසා (බටලෝන් ) ඇම යොදා මසුන් අල්ලන ධිවර කර්මාන්තයේ නිරත ධීවරයින් අපහසුතාවයට පත්වන බව ඔවුන් පවසයි.මේ පිරිස පස්වරුවේ සිට මසුන් ඇල්ලීම සිදු කරන අතර, ඒ කාලයේ බිත්තර දැමීමට සිටින මසුන් අහාර සොයා යාන අවස්ථාවේ ධීවරයන්ගේ ඇමට අසුවන බවත්, එබැවින් මධ්‍යම රාත්‍රියෙන් පසු ධිවර රැකියාව සිදු කරන ලෙසත් එයට විරෝධතා දක්වන ධිවරයින් යෝජනා කරයි. මේ ආකාරයට මසුන් ඇල්ලීම සිදුකළොත් මාළු බෝවීම් සම්පුර්ණයෙන් නතර විය හැකි බවද ධීවරයන් අවධාරණය කර සිටිති.