image_0c1d1558ba
ඡායාරූප උපුටාගැනීම -ලංකාදීප

(1.52mp) පුක්කුලම ධීවර ගම්මානයේ ධීවරයෝ පිරිසක්  පසුගිය 18 වෙනිදා  වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. පුක්කුලම   පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ගම්මානය ලෙස  විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටා ඇත.
විරෝධතාවය හේතු දක්වමින් ධීවරයින් පවසාසිටියේ තමන්ගේ ඥාති පරම්පරා ගණනාවක් පුක්කුලම ධීවර ගම්මානයේ පදිංචි වී සිටියද අද වන විට ගම්මානයට ගමන් කිරීමට පවා වන ජීවී ඒකකයෙන් තහනම් කර ඇති බවයි. මේ වන විටත් පදිංචි ඉඩම් සඳහා ඔප්පුවක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නැති බවත්, ගම්මානයට ගොඩබිමින් කිසිදු ප්‍රවාහන කටයුත්තක් කරගැනීමට නොහැකි තරමට තහංචි දමා ඇති බවත් ඔවුහු පවසති.

මෙම  ධීවර ගම්මානයේ වසර ගණනක සිට ධීවරයින් පදිංචිව සිටින අතර ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් ද නොමැති අතර හදිසියක් වුවහොත් බෙහෙතක් ගැනීමට ද ලග පාතක රෝහලක් නොමැත. අසනීප වුවහොත් ඔවුන්ට පිහිටට ඇත්තේ නාවුක හමුදාවේ කදවුරයි. නමුත් සිය පාරම්පරික ධීවර රැකියාව හේතුවෙන් ඔවුන් කාලයක් පුරා මෙම ගම්මානය ආශ්‍රය කරගනිමින් දුෂ්කරතා මධ්‍යෙය් ජීවත් වෙති.
මෙම මෙම පුක්කුලම ධීවර ගම්මානයේ ජනතාව 200 ක් පමණ ධීවර යාත්‍රා මගින් සේරක්කුලියට පැමිණ එතැන් සිට ලොරි රථ මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ විරෝධතාවට එක් වූහ.ඉන් අනතුරුව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාට ඔවුන්ගේ ඉල්ලීම් සදහන් කරමින්  සංදේශයක් භාරදී තිබේ.
image_20cb7fca71
ලංකාදීප පුවත්පතේ සදහන් වන පරිදි මේ පිළිබඳව විල්පත්තුව  ජාතික වන උද්‍යාන භාරකරු චමත් ලක්ෂමන් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශයක් සිදුකර ඇත.

“ මෙය ධීවර ගම්මානයක් නොවෙයි. විල්පත්තුව ජාතික උද්‍යානය 1938 ගැසට් කරද්දී ධීවර කටයුතුවලට පමණක් මේ ස්ථානය ලබා දී තිබෙනවා. ධීවර වාඩි පමණක් මේ ස්ථානයේ පවත්වාගෙන යන්න, ධීවර කටයුතුවලට යොදා ගන්න පුලුවන්.
පුක්කුලමේ දිගින් මීටර් 600 ක් හා පළලින් මීටර් 20 ක් පමණක් ලබා දී ඇත්තේ ඒ අනුවයි. නමුත් පවුල් පිටින් කිසිම ලෙස මේ ස්ථානයේ රැඳී සිටින්න අවසර නැහැ. මේ ජනතාවට මුහුදු මාර් ග පමණක් භාවිත කරන්න අවසර දී තිබෙන්නේ, ගොඩබිම් මාර්ග භාවිත කරන්න කිසිම අවසරයක් නැහැ. මේක ජාතික උද්‍යානයක් බව සියලු දෙනාම දැනගත යුතුයි. අපි වැඩ කරන්නේ අදාළ නීති රාමුව යටතේ. නීතිය වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ” ඔහු පවසා ඇත.

සබැදි ලිපි – ඡන්ද නාම ලේඛන චීස් කොත්තු හා පූක්කුලම

පුක්කුලම-2
පුක්කලම ධීවර ගම්මානය

පුක්කුලම-1