පසුගිය 12 වෙනිදා මුලතිව් මාන්කුලම් රෝහල් භූමිය කැනීමේදී මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවිය. ඒ පිළිබඳව මාන්කුලම් පොලීසිය විසින් අස්ථි කොටස් නිරීක්ෂණය කර වාර්තාව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මිනිස් අස්ථි කොටස් හා භූමිය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුර සිදුකරන ලදී කැනීම් වලින් පසුව මෙම ස්ථානයේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු වල අස්ථි කොටස් හා ඇදුම් වල කොටස් සොයා ගන්නා ලදී.
මාන්කුලම් රෝහල් භුමියේ තිබී සොයාගත් මෙම අස්ථි සම්බන්ධව පරික්ෂනය කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය-නීති නිලධාරි වෛද්‍ය තනුෂාන් සහ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක උපකරණ සහිතව සිදුකර ඇත.
මෙම පුද්ගලයින් ඝාතනය වුයේ කෙසේද යන්න තවමත් පැහැදිලි නොමැති නමුත් 2009 දී දී යුද්ධයේ අවසාන ගැටුම් සිදූවීමේදී මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් ජනජීවිත විනාශ විය.
tamilguardian.com වෙබ් අඩවිය සදහන් කර තිබුණේ යුද්ධයේ අවසාන කාලයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් රෝහල් ගොඩනැගිලි ඇතුළු දෙමළ සිවිල් වැසියන්ට නැවත නැවතත් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රෙද්ශයේ සමූහ මිනී වලවල් තිබෙන බවයි. දශකයකට පසුවත් නිරන්තරයෙන් ඝාතනය වූ සිරුරු සහ ආයුධ සොයා ගැනුනත් අද වන විටත් මෙම සිවිල් වැසියන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට කිසිදු වගවීමක් නොමැති බවත් එහි සදහන් කර තිබුණි.
ඡායාරූප / tamilguardian.com