එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හට ඇමරිකාවට ඇතුල්වීමට නීතිමය බාධා පනවා තිබේ. යුද්ධයේ අවසන් කාලයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන විසින් ඔහුට චෝදනා එල්ල කර තිබේ. ඇමරිකාව විසින් පනවා ඇති තහනමට පදනම් වී ඇත්තේ මෙම චෝදනා වන අතර ශ්‍රී ලංකා රජය මෙම තීරණයට දැඩි විරෝධය පළ කර ඇත.