Wednesday, November 27, 2024

අලවතුවලගේ ප්‍රකාශයට එරෙහිව කුරුණෑගල ඩිපෝ නිළධාරියෙකු බසයක නගියි

Must read

CTB
(11.19am) පසුගියදා විපක්ෂනායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා විසින් වයඹ පළාතේ ගමනා ගමන මණ්ඩලයේ කළමනාකාරිත්වයේ තනතුරු වලට පත්කර ඇති පුද්ගලයන් සුදුසුකම් නොමැති පුද්ගලයන් බවට ප්‍රකාශයක් සිදුකරනලදී. ඔහු එහිදී ප්‍රකාශ කළේ  තනතුරු වලට නුසුදුස්සන් පත්කරමින් 2015 දී මහින්ද රාජපක්ෂ පාලනයේදී CTB එකේ තිබූ අරාජික තත්ත්වයට නැවතත් මෙම රජය පත්කරමින් සිටින බවයි. මෙම ප්‍රකාශයට විරෝධය පළකරමින් පසුගිය 10 වනදා සිට කුරුණෑගල දකුනු ඩිපෝවේ ඉංජිනේරු අංශයේ කාර්මික ප්‍රධාන නිලධාරී සුමිත් හේරත් මහතා විසින් බසයක නැගී විරෝධතාවයක නිරතව සිටී. ඔහු පවසන්නේ CTB සේවයේ සිටින අය සුදුසුකම් නොමැති නම් යහපාලන රජය යටතේ පත්කරනු ලැබූ සේවකයන්ද අතරද සුදුසුකම් නොමැති බව සිටින බවයි. වයඹ පාලන ප්‍රාෙද්ශීය කාර්යාලය අසල ඔහු මෙම විරෝධතාවය දක්වමින් සිටින බව වාර්තා වේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article