හලාවත,මාදම්පේ – මරක්කලගම සහ මහ බද්දේගම පදිංචිකරුවන් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව සංවිධානය කරන ලද 72 වැනි නිදහස් දින උත්සවය 04 වැනිදා මහත් අභිමානයෙන් පවත්වන ලදි.
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් ජේ.පේමසූරිය,මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිදහස් උත්සවයට සර්ව ආගමික නායකයින් සහ හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සිල්වා මහතාද සහභාගි වී සිටියේය.
මාදම්පේ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිසුවියන් සහ අරාබි විද්‍යාලයේ සිසුන් විසින් සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම මෙහිදී සිදු විය.මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් විසින් ආගමික වතාවත් සිදු කරන ලදි.
ඡායාරූප – ජූඩ් සමන්ත