වනඅලියකු ඇල්ලිමට ගොස් සිටි වනජීවි අඩවි සහකාරවරයකු පසුගිය 30 වනදා සවස ඒම අලියාගේම ප්‍රහාරයකින් මරණයට පත්වි තිබේ. මෙම සිදුවිම සිදුවී ඇත්තේ කළාඔය කුඩා බෙල්ලගෙකඩවල ප්‍රදේශයේදී වන අතර මියගොස් ඇති වනජීවි නිලධාරියා පුත්තලම නගරයේ පදිංචිව සිටි පී.එම්.ඒ.ඩි.වෙන්දකඩුව නැමති 57 හැවිරිදි දෙදරු පියකු බව වාර්තා වේ.
කළාඔය අඩවියට අයත් කුඩාබෙල්ගෙකඩවල ප්‍රදේශයේ කුඩා ගල්ගෙ විහාරය පසුපස දරුණු වනඅලියෙකු ඇල්ලිමේ මෙහෙයුමක නිරත වි සිටියදි එම වනඅලියාගේ ප්‍රහාරයට ලක්වි අඩවි සහකාරවරයා මරණයට පත්වතිබේ.
වනඅලියා වනජීවි නිලධාරින් විසින් නිර් වින්දනය එන්තත් කර නිර්වින්දනය කර පසුව මෙම අලියා පාද හා දැත් කඹ ආධාරයෙන් ගැට ගැසිමට සුදානම් වන අවස්ථාවේ දී එකවරම අලියා අඩවි සහකාර වරයාට පහරදි පාගා ඇති බව කියයි.
ඉතා දරුණු ලෙස හැසිරුණු මෙම වනඅලියාව කිප අවස්ථාවකම ඇල්ලිමට මෙහෙයුම් කර තිබුණත් ඒ්වා අසාර්ථකව ඇති අතර පසුව මෙම අලියා ඇල්ලිමට වනජීවි නිලධාරින් දැඩි වෙහෙසකින් පසුව ඊයේ දින සමත් වි තිබුනි.
කෙසේ නමුත් නිර්වින්දන එන්නත් ශරිර ගතවිමෙන් පසුව අලියා නිහඬව සිටිමත් සමග අලියා නිර්වින්දනය වි ඇති බවට වනජීවි පශු වෛද්‍යවරයා නිගමනය කිරිමෙන් පසු කඹ යොදා ගනිමින් ගැට ගැසිම සිදු කරන අවස්ථාවේ දි පහරදිම කර ඇත. මෙම නිලධාරියාව තඹුත්තේගම රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බවත් වාර්තා වේ.
වෙන්දකඩුව මහතා පළපුරුදු වනජීවි නිලධාරියකු බවත් වසර 35කට ආසන්න කාලයක් වනජිවි නිලධාරියකු බවත් පැවසේ.