ආසන්න කාල සීමාව තුලදී මෙරරට පැමිණි එක් චීන ජාතිකයකු පමණක් දැනට ආරක්ෂිතව රඳවාගෙන තිබෙන් බවත් එම පුද්ගලයාගෙන් ද කිසිවක් වාර්තා නොවු බව දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂවරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.වර්තමානයේ ඇතිවී ඇති තත්වය පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කර ඇති ඇය පවසා ඇත්තේ නව කොරෝනා වෛරසය හා මෙම චීන ජාතිකයින් පිළිබඳව දැඩි අවධානයකින් සිටින බවත් ජනතාවට කිසිදු බියක් ඇති නොකර ගන්නා ලෙසත්ය.