හිටලර්ගේ නාසි හමුදාව විසින් මිලියනයකටත් අධික යුදෙව් ජාතිකයන් සහ තවත් ජාතීන් කෘෘර ලෙස මරා දැමූ යුද කදවුරක් වන අවුෂ්විට්ස් හි (Auschwitz) 75 වන සැමරුම ජනවාරි 27 වනදා පෝලනතයේදී සමරන ලදී. මේ වසරේ මෙම සැමරුම පෝලන්තයේ අවුෂ්විට්ස් කදවුරු භුමියේ දී සිදුවූ අතර දිවි ගලවාගෙන අදටත් ජීවත්වන ජනතාව එම අවස්ථාවට පැමිණියහ. එමෙන්ම ඊශ්රායලයේ ජනාධිපතිවරයා හා පෝලන්ත ජනාධිපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අවුෂ්විට්ස් මුලින් දකුණු පෝලන්තයේ හමුදා බැරැක්කයක් විය. නාසි ජර්මනිය 1939 සැප්තැම්බර් මාසයේදී පෝලන්තය ආක්රමණය කර අල්ලා ගත් අතර 1940 මැයි වන විට එම ස්ථානය දේශපාලන සිරකරුවන් සඳහා බන්ධනාගාරයක් බවට පත් කළේය. 1940 දී අවුෂ්විට්ස් කදවුර පිහිටුවන ලද්දේ දේශපාලන සිරකරුවන් රැදවීම සඳහා ය. එහෙත් එය අවසානයේ නාසීන්ගේ සමූල ඝාතන කඳවුරුවලින් විශාලතම එකක් බවට පත් විය. එහිදී ඇඩොල්ෆ් හිට්ලර් සියලු යුදෙව්වන් ඝාතනය කිරීමේ සැලැස්ම – “අවසාන විසඳුම” ලෙස ක්රියාවට නැංවීය.
මිලියන 1.1 ක පමණ ජනතාවක් බිහිසුණු ලෙස මෙම කදවුරේදී මරාදමන ලදී ඔවුන්ගෙන් වැඩි දෙනෙක් යුදෙව්වන් ය. ඊට අමතරව 70,000 කට වඩා පෝලන්ත දේශපාලන සිරකරුවන් , 21,000 ක් වන රෝමා ජාතිකයන් වූ අතර සහ 15,000 ක් සෝවියට් යුද සිරකරුවන් මෙන්ම තවත් දහස් ගණනක් විය.කඳවුර සෝවියට්වරුන් විසින් 1945 දී නිදහස් කරන ලදී