Friday, November 22, 2024

කිලිනොච්චිය මූලික රෝහල් භුමියේ සිටි සුනඛයින් ඝාතනය කරලා

Must read

සුනඛ මරණ 1 කිලිනොච්චිය මූලික රෝහල් භූමියේ සිටි සුනඛයන් පහරදී මරාදමා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවට ‘ බව් බව්’ සංවිධානය ප්‍රකාශ කර සිටියි. මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් කතා කොට විමසූ බවත් ඔහු විසින් මේ සම්බන්ධයෙන් විමසීමක් කරන බවට දැනුම් දුන් බවත්ය. සුනඛ මරණ 4  සුණඛ මරන 2

මේ සම්බන්ධයෙන් ‘බව් බව්’ සංවිධානයේ මුහුණු පොතේ පළකර තිබූ සටහන –

අප රට යටත් කරගත් ඉංග්‍රීසි පාලන සමයේ පැණවූ නීතිවලින් පසුව සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවතින නීතිමය පරිසරය තවමත් සාධාරණ ලෙස වෙනස් වී නැත. සත්ව සුබසාධන පනත කිසිම රාජ්‍ය පාලකයෙකු විසින් සම්මත කරන්නට උත්සහ නොගන්නේ සම්මත කලාට ඔවුන්ට ලැබෙන කෙංගෙඩියක් නැති නිසාය.

සතුන්ට චන්ද අයිතිය නැත එම නිසා ඔවුන් වෙනුවෙන් නීති ගෙනාවට චන්දය ලැබෙන්නේ නැත. එම නිසා නීති ගේන්නේද නැත. හැම පෝයකටම රටටම අඩබෙර ගසා බෞද්ධ රටක්යැයි පම්පෝරි ගසා පිංකම් කිරීමට පුළුවන. බෞද්ධ රටක මිනිසා හැර සියලු සත්වයන්ට සිදුවන අසාධාරණයන්ට හරි හමන් නීතියක්වත් නැත.

දිනපතා අපට ලැබෙන සත්ව හිංසන පණිවිඩයන් වෙනුවෙන් අපිට කල හැකි දෙයක් නැත. ඒ මේ රටේ විධිමත් නීතිමට පරිසරයක් නොමැති නිසාය…

ධර්මදීපයේ ඉපදුන අසරණ මිතුරනි, ඔබලාගේ ආත්මවලටවත් සැනසීමක් මේ ධර්මදීපයේ පාලකයන්ගෙන් ලැබෙන්නේ නැත.

සුනඛ ගහණය වර්ධනය වීමේ ගැටලුවට ඇති සාර්ථකම සහ මානූෂීයම ක්‍රමවේද වන වන්ද්‍යාකරන සැත්කම් නොකඩවා කරන ලෙස සහ සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස වර්තමාන ජනාධිපතිතුමන්ට එතුමන් ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කිරීමට පෙරෙ අප ඔහුගේ පාර්ශවය මුනගැසී කරැණු සාකච්ඡා කර ලබාදෙන්නට කටයුතු කලා

(මේ සම්බන්ධව අප කිලිනොච්චිය පොලිස් ස්ථානාදිපතිතුමන් සම්බන්ධ කරගත් අතර ඔහු පැවසුවේ හෙට දින අදාල ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සිදු කරන බවයි)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article