කොබෙයිගනේ ප්‍රෙද්ශයේ විහාරස්ථානයක 13 හැවිරිදි සාමනේර හිමිනමක් ලිංගික අපචාරයකට ලක් කළ එම විහාරයේම හිමිවරුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ලිංගික හිංසනය සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන් විසින් ජාතික ළමාඅරක්ෂණ අධිකාරියට දැනුම්දීමෙන් අනතුරුව මෙම සැකකරුවන් තිදෙනාව අත්තඅඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පසුගිය 09 වනදා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.