Monday, November 25, 2024

කසිප්පු ඡාවාරම ප්‍රොමෝට් කරන්න ගිය අරුන්දිකට පොලීසියේ ලොක්කෙක්ගෙන් හොඳ පිළිතුරක්

Must read

Arundika-Fernando
(09.44am) පසුගියදා වෙන්නප්පුවේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම වෙන්නප්පුවේදී පැවැත්වී තිබේ. මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දේශපාලන නියෝජනය පිළිබදව බොහෝ දෙනෙකු සතුටු නොවන අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සහ වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කැදවීමෙන් මෙම කමිටුව පැවත්වී ඇත. වෙන්නප්පුව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්,ග්‍රාමසේවා නිලධාරීන් මෙන්ම පොලීසියේ ප්‍රධානින් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
මෙහිදී  අරුන්දික ප්‍රනන්දු අමාත්‍යවරයා පුත්තලම් දිස්ත්‍රික්කයේ සිදුවන කසිප්පු ඡාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් යෝජනාවක් සිදුකර තිබේ. ප්‍රෙද්ශයේ උසස් පොලීස් නිලධාරීන් අමතා ඔහු පවසා ඇත්තේ නීති විරෝධී කසිප්පු ඡාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී  කසිප්පු බෝතලයක් දෙකක් විකුණා එදා වේල සොයාගන්නා අසරණ මිනිසුන් අත්අඩංගුවට නොගෙන මහා පරිමාණයෙන් කසිප්පු ව්‍යාපාරය සිදුකරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
එහිදී  ඉහළ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ  කසිප්පු ඡාවාරම පොඩි මිනිහෙක් කළත්,ලොකු මිනිහෙක් කළත් වැරැද්ද වැරැද්දම බවත් සමාජය එවැනි දේ අනුමත නොකරන අතර අඩුආදායම්ලාභි කියා නීති විරෝධීක්‍රියා සමාජගත කළ නොහැකි බවත්ය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article