Sunday, November 24, 2024

පරිසර සංරකෂණය යනු දත්ත හා නිරීක්‍ෂණ මත පදනම් වූ විද්‍යාවක් විනා හැඟීම් මත පදනම් වූ ආගමික ඇදහිල්ලක් නොවේ

Must read

ආක්‍රමණශීලී විශේෂ (Invasive Species) යනු කවරක්ද?ෙ 82621247_10158634003804041_8623516739423961088_o

සරලව කියනවා නම් ආක්‍රමණශීලී විශේෂ (Invasive Species) යනු යම් පරිසර පද්ධතියකට දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිසා විසින් මුදා හරින සත්ව/ශාක විශේෂයක් එම පරිසර පද්ධතියට තර්ජනයක් වූ විට යොදන නමකි. මිනිසා විසින් යම් පරිසර පද්ධතියකට හඳුන්වා දෙන විශේෂයක් (Introduced Species) බොහෝ විට Invasive Species එකක් වීමේ ප්‍රවණතාව වැඩිය. එනම් මේ නව විශේෂය නව පරිසර පද්ධතියට ඉක්මනින් අනුගත වුවත්, එම පරිසර පද්ධතිය එම නව විශේෂයට අනුගත වීම සිදුවන්නේ සෙමින්ය. එනම් එම පරිසර පද්ධතියේ වසන වෙනත් විශේෂ වලට මෙම නව විශේෂය තර්ජනයක් වේ. වසර මිලියන ගණනක් මුළුල්ලේ මිනිසාගේ මැදිහත්වීමකින් තොරව නව පරිසර පද්ධති කරා ස්වාභාවිකව සංක්‍රමණයන් සිදුවෙමින් පවතී. නමුත් මේ ක්‍රියාදාමය සෙමින් සිදුවන නිසා අදාළ පරිසර පද්ධතියට, පැමිණෙන නව විශේෂ වලට අනුකූලව වෙනස් වීමට කාලය ඇත. Invasive Species පිළිබඳව O/L විද්‍යාව Syllabus එකේ ඇත.

ඉතින් මේ තනි මොල්ලියේ ඔටුවා (Dromedary Camel) කියන්නෙත් ඔය වගේම ඔස්ට්‍රේලියාවට Introduced Invasive Species එකකි. ලංකා

ඉතින් මේ තනි මොල්ලියේ ඔටුවා (Dromedary Camel) කියන්නෙත් ඔය වගේම ඔස්ට්‍රේලියාවට Introduced Invasive Species එකකි. ලංකාවට ජපන් ජබර හා සේනා දළඹුවා කෙසේද, ඔස්ට්‍රේලියාවට ඔටුවාද එසේමය. මිනිසුන් ඒකාලයේ මේ ඔටුවන් අරාබියෙන් ඔස්ට්‍රේලියාවට ගෙනාවේ කාන්තාර වල ගමන් කිරීමටය. නමුත් පසුව ඔවුන් දඩාවතේ යන (Feral Species) තත්වයට පත් වී අද මිලියනයක් පමණ සංඛ්‍යාවෙන් වැඩි වී ඇත.

අපට අද බොහෝ විට අසන්නට ලැබෙන්නේ මෙම ඔටුවන් වැඩිපුර වතුර බොන නිසා Aussie රජය ඔවුන්ව මැරීමට තීරණය කලා කියාය. නමුත් ඇත්තටම මෙම ඔටුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට ඝාතනය කරන ක්‍රියාවලිය (Culling) දශක ගණනක් තිස්සේ Aussie රජය කරන දෙයකි. මෑතකදී එම Cull කරන සංඛ්‍යාව වැඩි කිරීමට ආසන්නම හේතුව දැඩි නියඟයයි.81755042_10158634004009041_1346006496747454464_n

ඕස්ට්‍රේලියාවේ පරිසර පද්ධති වලට ඔටුවන්ගෙන් සිදුවන හානි මොනවාද?
1) දේශීය ශාක විනාශ කිරීම:
පාගා විනාශ කිරීමේ සිට ළපටි පැල කා දැමීම දක්වා විනාශයක් කරයි. යම් පරිසර පද්ධතියක උලා කන විශාල ශාක භක්ෂකයින් වැඩි වූ විට ළපටි පැල අධික ලෙස කා දැමීම සිදුවන ප්‍රධාන පාරිසරික ගැටළුවකි. එනම් එයින් ගස් වැඩීම අත් හිටවේ. නමුත් ස්වාභාවික පරිසර පද්ධතියක් තුල ශාක භක්ෂකයින්ගේ ගහණය පාලනය කිරීමට විලෝපිකයන් ඇත. නමුත් ඔටුවාට ඔස්ට්‍රේලියාව තුල විලෝපිකයෙක් නැත. ඔස්ට්‍රේලියාවේ සිටින විශාලම භූමිය ආශ්‍රිත විලෝපිකයා (Terrestrial Predator) Dingo නම් සුනඛ විශේෂය පමණි. ඔවුන්ට කැන්ගරුවෙකුට වඩා විශාල සතකු දඩයම් කල නොහැක.
Dingoද Aborigine වරුන් විසින් මීට වසර 50,000කට පමණ පෙර හඳුන්වා දුන් විශේෂයකි. නමුත් මේ අධික කාලය තුල පරිසර පද්ධතියට නව විශේෂය සමග තුලනය වීමට කල් ලැබුණි. එමෙන්ම Thylacine, Thylacoleo වැනි දේශීය විලෝපීයන් වඳ වීමත් සමගම ඔවුන්ට ආදේශයක් ලෙස අද ඉතිරිව ඇත්තේ Dingo පමණි.

2) දේශීය ශාක භාක්ෂකයන්ට තර්ජනයක් වීම:
ඔස්ට්‍රේලියාවේ දේශීය ශාක භක්ෂකයින් ඔටුවන්ට වඩා කුඩා වීම නිසා ඔවුන්ට ඔටුවන්ට එතරම් හොඳ තරගයක්ද දිය නොහැක. නිතැතින්ම ඔවුන් ආහාර සඳහා තරගය පරාද වේ.

3) ජලය විනාශය:
ඕස්ට්‍රේලියානු කාන්තාර ප්‍රදේශ වල ප්‍රධාන ජල ප්‍රභවය වතුර වලවල්ය (Water Holes). ඔටුවන් වැනි විශාල සතුන් මෙම Water Holes පානය කොට හින්දවනවා පමණක් නොව, ඒවා මත මල මුත්‍ර කිරීමෙන් ඒවා අපිරිසිදු කොට ජලජ ජීවීන්ටද තර්ජනයක් වී ඇත. නියං කාලේ මෙහෙම දෙයක් වෙනව කියන්නේ බඩුම තමා.
අප අසා ඇති පරිදි ඔටුවන්ට එතරම් ජලය අවශ්‍ය නැත. මෙය මිත්‍යාවකි. ඔටුවන්ට දීර්ග කලක් ජලය නැතිව සිටිය හැකි වුවත් ජලය පානය කරන විට එක ඔටුවෙක් ගැලුම් 20-30ක් පමණ පානය කරයි.
අපමණ පරිසරයට ලැදි, සතුන් සමග ආත්මීය බැඳීමක් ඇති Aborigine වරුන්ද ඔටුවන් මැරීම එක පයින් අනුමත කරති. අරුමයක් නොව, ඔටුවන් යනු බලහත්කාරයෙන් තම රටට සුද්දන් විසින් ගෙන ආ සතෙකි.

ඉතින් දැන් පේනවානේ. ඔටුවා කියන්නෙ ඔස්ට්‍රේලියාවට පලිබෝධකයෙක්. මදුරුවො, සේනා දළඹුවෝ, මීයො වගේම තමා. ප්‍රමාණය පමණයි වෙනස්.

ඉතින් ඔටුවො නොමරා වෙන පිලියමක් නැද්ද?
බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්නයකි. නමුත් මෙය අහන අයට පවා කිසිදු විකල්පයක් සිතා ගත නොහැක.නමුත් පහත කරුණු විකල්ප ලෙස දැක්විය හැක
1) ප්‍රශ්නය ස්වභාවධර්මයට භාර දී නිකන් බලා සිටීම:
කලින්ද සඳහන් කල පරිදි මිනිසා විසින් මේ සිදුකල වෙනසට ස්වභාවධර්මයට අනුගත වීමට තරම් කල් මදිය. අපි නිකං බලා සිටියොත් වෙන්නේ ඔටුවා නිසා මුළු මහත් පරිසර පද්ධතියක්ම බිඳ වැටීමය. අද ලෝකයේ පවතින ගෝලීය උණුසුම් තත්වය යටතේ ස්වාභාවික පරිසර පද්ධති කොතරම් වැදගත් දැයි අමුතුවෙන් කිව යුතු නැත.
සේනා දළඹුවා, ජපන් ජබර වගේ ඒවා විනාස නොකර ස්වභාවධර්මයට භාර දීල බලන් හිටියොත් කොහොමද ආතල් එක.

2) ඔටුවන් අරාබියට ආනයනය කිරීම:
මෙය දැනටමත් Aussie රජය විසින් කරන දෙයකි. එසේ කරද්දීත් ඔටුවන් සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි විය.

3) ඔටුවන් වන්ධ්‍යකරණය:
මේ සඳහා දැනටම පර්යේෂණ සිදු වෙමින් පවතී. මෙය කියන තරම් පහසු නැත. ඔටුවන් මිලියනයක් අල්ලා, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය සොයා, ශල්‍යකර්ම කිරීම හෝ වඳ පෙති පෙවීම (එහෙම ඒවා තියෙනව නම්) කොච්චර ප්‍රායෝගිකද සිතා බලනු මැනවි.

4) කාල තරණය කොට ඔටුවා ඔස්ට්‍රේලියාවට ගෙන ආ සුද්දාව නැවැත්වීම:
ඔටුවෝ ගේන්න ඉස්සෙල්ලා මේ ගැන හිතුවේ නැත්තෙ ඇයි? තවත් එක ප්‍රසිද්ධ පැනයකි.
ඊට හේතුව මීට වසර 200කට පමණ පෙර බටහිර ලෝකයේ පරිසර විද්‍යාව වැනි විෂයක් එතරම් තැකීමට නොගැනීමය. නමුත් වාසනාවට අද ඔවුන් පරිසර විද්‍යාව ගැන තකන නිසා දත්ත මත පදනම් වූ ප්‍රායෝගික, විද්‍යාත්මක විසඳුම් පරිසර ප්‍රශ්ණ වලට සෙවිය හැක.
එමෙන්ම අභාග්‍යයට කාල තරණ තාක්ෂණයද තවමත් සොයාගෙන නැත. එක්කො අර රාවණා බලයෙන් කාල තරණය කරනවා කියන හාදය ඉදිරිපත් වෙලා ඔස්ට්‍රේලියාවට උදව් කරොත් මිනිහට PR එකත් ලැබෙයි.

මින් සිදුවිය හැකි නරකම දෙය කුමක්ද?
ඔටුවන් ඕස්ට්‍රේලියාවෙන් සදහටම තුරන් වීමය. ඔටුවන් තම ස්වාභාවික නිජබිම වන අරාබිකරයේ ඇති තරම් සිටින තාක් කල් ඇත්තටම මෙහි පාඩුවක් නැත. ඇත්තටම එය ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික පරිසර පද්ධතිවලට වාසියකි. දේශීය විශේෂයක් වඳ වීම මෙන් නොව Introduced Invasive Species එකක් වඳ වී යාමෙන් එම පරිසර පද්ධතියට පාඩුවක් නැත. මන්ද ඔටුවන් කිසිදු අයුරකින් ධනාත්මකව ඕස්ට්‍රේලියානු පරිසර සමතුලනයට දායක නොවන බැවිනි.

සරලව මේ පොඩි (මං හදපු) උපමා කතාව ගමු:
සියාතු දුම් පානය කිරීම නිසා පෙනහළු පිළිකා හදා ගත්තේය. ඔහුට options 3ක් ඇත
1) ඔහුගේම වරදින් ප්‍රශ්නය ඇති වූ නිසා ඒ ගැන දුක් වෙමින්, අන් අයගෙන්ද බැනුම් අසමින් පසුතැවෙමින් ඔහේ සිටීම
2) ස්වභාවධර්මය විසින් ප්‍රශ්නය විසඳයි යයි සිතා දිගටම දුම් පානය කිරීම
3) දුම් පානය නවතා, වයිද්‍ය ප්‍රතිකාර ලැබීම.
මං සියාතු උනා නම් ගන්නේ තුන්වැනි option එක. මගේ වරදින්ම කරදරයක් උනා. හැබැයි දැන් ඒක fix කරන්ඩ ඕනේ. දොස්තර කිව්වොත් “උඹේ වරදින්නෙ උනේ සියාතු. මට බෙහෙත් කොරන්ඩ බෑ” කියල, ඌ මොන ඩොකෙක්ද? ඒවගේම තමා පරිසර විද්‍යාඥ්යෝත්. ප්‍රශ්ණ කවුරු ඇති කරත් විසඳුම් හොයන්ඩ ඕනේ.

පරිසර සංරකෂණය යනු දත්ත හා නිරීක්‍ෂණ මත පදනම් වූ විද්‍යාවක් විනා හැඟීම් මත පදනම් වූ ආගමික ඇදහිල්ලක් නොව. දේශපාලන කුණු කන්දල් අවුස්ස අවුස්ස කාලෙ කන වෙලේ පරිසර විද්‍යාව ගැන යම් පොතක් පතක් කියෙව්වා නම් ඔබේ දැනුම වැඩි වී ඉදිරියට ලාමක තර්ක ඉදිරිපත් නොකරනු ඇත.

තුලිත අබේවර්ධන
උපුටා ගැනීම

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article