Sunday, November 24, 2024

පොලිසියට අරන් ගියාම ගුටි නොකා එන පනත

Must read

80099476_10217687447232627_5542012841394962432_o

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය පිළිගනිමින් එය ලංකාව තුළ බලාත්මක කිරීම සදහා 1994 අංක 22 දරණ වධ දීමට සහ අනිකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුති පනත සම්මත විය. මේ පනත ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹී පසුගිය දෙසම්බර් 20 වනදාට වසර 25කි.
අප අද ගෙවන මේ ජීවිතය අතීතයේ අයිතිවාසිකම් වෙනුවන් කළ අරගලවල ප්‍රථිපලයක් බව මේ වන විට බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ නැත. ඒ නිසාම වධහිංසාවට එරෙහි ශ්‍රි ලංකා එකමුතුව මේ පනතේ වසර 25ක භාවිතය දෙස හැරී බැලීම විශේෂිත දෙයකි. මිනිසුන් බෙරා ගන්නා අණ පනත් සැමරිය යුතුය.
ශ්‍රි ලංකාව-වධහිංසාවට එරෙහි පනත සමග වසර විසි පහක් සංවාදය පසුගිය 20 වෙනිදා බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එදින සංවාදයට අමතරව රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්තානය විසින් වධහිංසාව සම්බන්ධයෙන් පොත් තුනක් එළි දක්වන ලදි.
පසුගිය සමබිම ඉරිදා සංග්‍රහයේ පලවු Jayani Abeysekara ගේ  වධහිංසාවට එරෙහි සිතුවම


80292868_10217687446912619_6700976467339116544_o 80904089_10217687445512584_4521626627314024448_o

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article