(6.34pm)බිංගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවකින් යම් පිරිසක් විසින් කප්පම් ඉල්ලා තර්ජනය කළ පුවතක් ඊයේ සිරස මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. මෙම කම්හලෙන් කප්පම් ඉල්ලා ඉන් අනතරුව එම ආයතනයට සේවිකාවන් ප්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ටද තර්ජනය කරමින් සේවිකාවන් සේවයට යෑම අඩාල කර ඇති බව එම වෑන් රථ රියදුරන් පවසයි. ඔවුන් පවසන්නේ මෙම ඇගළුම් ආයතනයෙන් යම් කප්පම් මුදලක් බලාපොරොත්තුවෙන් සේවිකාවන් ප්‍රවාහනය කිරීම කඩාකප්පල් කර ඇති බවයි. ඔවුන් චෝදනා කරන්නේ මේ පිටුපස පුත්තලම් දිස්ත්‍රික්කයේ කැබිනට් අමාත්‍යවරයෙකු සිටින බවයි. ජනාධිපවරණය පැවැත්වූ දින නොවැම්බර් 15 වනදා පුත්තලම් දිස්ත්‍රික්කයේ සිට දිගාමඩුල්ල බලා යමින් සිටි බස් රථ රථ වලට පහරදුන් බවටද පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ල වී තිබුණි. මේ වන විට ඔහු වර්තමාන ජනාධිපතිවරයා යටතේ කැබිනට් මන්ත්‍රීවරයෙකි.
බිංගිරියේ පිහිටා ඇති මෙම කර්මාන්තශාලාවට සේවිකාවන් ප්‍රවාහනය කරන වැන් රථ නවත්වා තමන්ගේ ආධාරකරුවන්ගේ වාහනවලට එම අවස්ථා ලබාදීමට මේ අමාත්‍යවරයා කටයතු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කය තුළ සිදුකෙරෙන ව්‍යාපාර වලට තම දේශපාලන අතපෙවීම් ආරම්භකර ඇති බව වාර්තා වේ.