ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා නිරත වූ ඉන්දිය නිල සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති නිල ද්වීපාර්ශ්වීය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් මෙන්ම දෙමළ ජනතාවගේ සමානාත්මතාවය සහ සංහිඳියාව සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ.
අගමැති මෝදි විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ප්‍රකාශයට පත් කර ඇති අතර ත්රස්තවාදයට එරෙහි වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක වෙනම අරමුදලක් ප්රදානය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
අගමැති මෝදිගේ කතාවේදී තවදුරටත් සඳහන් කර ඇත්තේ ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධනය මෙන්ම ලංකාවේ ජාතික සමඟිය සම්බන්ධයෙන්ද පැවති සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගත් බවයි. දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුවන සංහිඳියාවැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාවට නැංවිය යුතු බවත් එහිදි
සංහිඳියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ද එයට ඇතුලත් බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කරයි.