රජයට අයත් අයිටීඑන් මාධ්‍ය ජාලයේ සජීවී දේශපාලන වැඩසටහන්වලට මැතිවරණ කොමසාරිස්වරයා පැනැවූ තහනම අසාධාරණ බව තීන්දු කිරීමෙන් පසුව ඉවත් කරගෙන ඇත.
මැතිවරණ කොමසාරිස්වරයා තහනම ගැන සඳහන් කරමින් ලිපියක් එම ආයතනයට යවා තිබේ. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන තෙක් එම නාලිකාවට සජීවී දේශපාලන සංවාද, විවාද සහ සංවාද මණ්ඩප පැවැත්වීම නතර කරන ලෙස එම ලිපියෙන් දැනුම් දී තිබිණි. එවැනි වැඩසටහන් කලින් පටිගත කර මැතිවරණ කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඉන් අනතුරුව විකාශනය කරන ලෙස ද එයින් නියම කර තිබිණි.
මේ තීරණය ගැනීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ 2019 ඔක්තෝබර් 30 වැනිදා විකාශනය වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර සහභාගී වූ ‘සීතල ඊතල’ නම් වැඩසටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අවාසිදායක තත්ත්වයක් ඇති කරන බව පෙනෙන්නට තිබීමයි.
මැතිවරණ කොමසාරිස්වරයාගේ තීරණයට මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් විශාල වශයෙන් විවේචන එල්ල විය.
විවිධ පුද්ගලයින් සහ කණ්ඩායම්වලින් එල්ල වූ විවිධ අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තහනම ඉවත් කිරීමට පියවර ගත් බව මැතිවරණ කොමසාරිස්වරයා අනතුරුව නිවේදනය කළේය.
එක් මාධ්‍ය ආයතනයකට පමණක් එරෙහිව තහනමක් පැනවීමෙන් එය වෙනස් කොට සැලකීමක් ලෙස හැඳින්වීමට හැකි යැයි ඇතැම් අය පෙන්වා දුන් බවද ඔහු කීවේය. එහෙත් අනාගතයේ තමන්ගේ සියලුම මැතිවරණ කාලසීමාවන්ට අදාළ කටයුතුවලදී මාධ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඇති කිරීමේ වැදගත්කම් සභාපතිවරයා තවදුරටත් පෙන්වා දී තිබේ.
ස්වාධීන රූපවාහිනියේ සියලුම දේශපාලන වැඩසටහන්වල ඇතුළත් කරුණු ඉවත් කරන ලෙසත්, විකාශනය කරන සියලුම සජීවී දේශපාලනික වැඩසටහන් අත්හැර දමන ලෙසත් විකාශනය කරන වැඩසටහන්වල දේශපාලන කරුණු ඉවත් කරන ලෙසත් මැතිවරණ කොමිසම වෙනුවෙන් ලිපියක් යැවීමට කටයුතු කිරීම නිසා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට බරපතල විවේචන එල්ල වී තිබිණි. මේ සඳහා බලපෑ කාරණාව ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වූ එවැනි වැඩසටහනකින් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු වී ඇතැයි පැමිණිල්ලක් ලැබී තිබෙන බවයි.
මේ පියවර පුළුල් ලෙස විවේචනවලට ලක් වී ඇත. මැතිවරණ කොමසාරිස්වරු දෙදෙනකු, මැතිවරණයට තරග කරන ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් දෙදෙනකු සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ද මෙම පියවර විවේචනය කර තිබේ. මෙම ක්‍රියාව ස්ටාලින්වාදී ක්‍රියාවක් යැයි කියමින් මැතිවරණ කොමසාරිස් මහාචාර්ය රත්නජීවන් හූල් විසින් ද හෙළා දැක ඇත. තවදුරටත් ඔහු කියා ඇත්තේ අයිටීඑන් රූපවාහිනී ජාලය වාරණය කිරීමට මැතිවරණ කොමිසමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මැතිවරණ කොමිසමේ කිසිදු රැස්වීමකදී මේ ගැන සාකච්ඡාවටවත් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා තිබේ.
ව්‍යවස්ථාවට අනුව තීරණයක් ගැනීමට මැතිවරණ කොමසාරිස්වරු තිදෙනාම රැස් වී සිටින අවස්ථාවක අවම වශයෙන් දෙදෙනකුගේවත් කැමැත්ත ලැබිය යුතුය. හූල් ප්‍රකාශ කළේ අයිටීඑන් නාලිකාව ගැන එම තීරණයට වලංගුභාවයක් ලැබීමට අදාළ කිසිදු රැස්වීමක් පවත්වා නොමැති බවයි. ‘මැතිවරණ කොමිසම වෙනුවෙන් මෙවැනි නියෝගයක් නිකුත්කර ඇතත් එවැනි තීරණයක් ගැනීමට වලංගුභාවයක් ඇති කරන කොමිසමේ තීරණයක් ගෙන නොමැත. මෙවැනි කරුණක් සාකච්ඡා කිරීමට අප කිසිදු රැස්වීමක් පවත්වා නොමැත’ යැයි මහාචාර්ය හූලේ පවසයි.
මේ නුසුදුසු උපදෙස නිසා මැතිවරණයේ සමබර ප්‍රවෘත්ති ආවරණයට බාධා ඇති කරනු ඇති. එක් අපේක්ෂකයකු කෙරෙහි පක්ෂපාතීව කටයුතු කරන ඇතැම් පෞද්ගලික මාධ්‍ය කෙරෙහි මහජනතාවගේ අනුකම්පාව ඇති කිරීමට ද මෙවැනි තීරණ හේතු වනු ඇති. මේ නිසා ස්වාධීන විය යුතු අපගේ කොමිසම කිසියම් අපේක්ෂකයකුගේ පැත්තක් ගන්නා බවක් ඇඟවිය හැකියි.
මැතිවරණ සටනේ දී ස්වාධීන මැතිවරණ කොමිසම කිසියම් අපේක්ෂකයකුගේ පැත්ත ගන්නා බව මෙයින් ඇඟවිය හැකි යැයි යන මේ අදහස ප්‍රකාශ කරන්නේ හූලේ මහාචාර්යවරයා පමණක් නොවේ.
පෞද්ගලික මාධ්‍යවල තත්ත්වය මීට වඩා නරක යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි. ඒවාට එරෙහිව කටයුතු කිරීමට බලය ඇතත් ඒ සම්බන්ධව කිසිවක් සිදුකර නැතැයි ද අයිටීඑන් පමණක් ඉලක්ක කර ඇතැයි ද ඔහු කියයි. රජයේ මාධ්‍ය වුවත් පාලනයකට ලක් කිරීම හොඳ බව රත්නායක මහතා පැවැසීය. එහෙත් පසුගියදා මැතිවරණ කොමිසමේ පැවැති රැස්වීමකදී පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන පෞද්ගලික මාධ්‍යවලට එරෙහිව කටයුතු කරන ලෙස සිදු කළ ඉල්ලීමට කොමිසමෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
ව්‍යවස්ථාවේ 12 වැනි සහ 14 වැනි වගන්තිවලට අනුවමැතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල සාමාන්‍ය නීතිවලට වඩා ඉහළින් පවතින බව නීති විශාරදයකු පෙන්වා දෙයි. එහෙත් ව්‍යවස්ථාවට ඉහළින් නොවේ. යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.’ ලබාදෙන දඬුවම සිදු කළ අපරාධයට සාධාරණ විය යුතුයි’ යැයි නම හෙළි කිරීමට අකමැති නීති විශාරදයා කීවේය. ගත හැකි පියවරක් වන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සජීවීව සමාව ඉල්ලා සිටීමකි. අනිත්අතට පටිගත කළ වැඩසටහන් ඇගයීම සඳහා ලබාදිය යුතු නම් ඒවා ඇගයීම සඳහා ප්‍රමාණවත් තරම් හැකියාවක් කොමිසමට තිබිය යුතු ද වේ.
විනෝදාස්වාද කර්මාන්තයේ සහ රූපවාහිනී කර්මාන්තයේ සජීවී සම්මුඛ සාකච්ඡා සහ දේශපාලන සංවාද වැඩසටහන් සජීවීව ඉදිරිපත් කිරීම එම කර්මාන්තයට අත්‍යාවශ්‍ය කාරණයක් බවත් ඒවා කළින් පටිගත කර අනුමැතියට ඉදිරිපත් කර විකාශනය කිරීමේ දී, විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් අභියස එසේ කිරීමේ දී මාධ්‍යයේ නැවුම් බව නැතිවී එය යල් පිනූ දෙයක් බවට පත්වන බව නීතිඥ චානක්‍ය ජයදේව පවසයි.මේ නිසා කර්මාන්තයේ නිෂ්පාදිත වැඩසටහන කෙරෙහි ඇති ඇල්ම අඩු වී යන අතර රේටින්වලට සෘජුවම බලපෑමෙන් කර්මාන්තයේ ව්‍යාපාරික කටයුතුවලට සෘජුවම බලපෑමක් සිදු කරනු ඇත. යැයි ජයදේව මහතා වැඩිදුරටත් කීවේය.
තවත් නීතිඥයකු ප්‍රකාශ කළේ පොදු ගුවන් තරංග භාවිත කරන එක් ආයතනයකට සීමා පනවා එවැනිම ගුවන් තරංග භාවික කරන අනිත් ඒවාට හිතූ ආකාරයට වැඩ කරගෙන යාමට ඉඩ සැලසීම එක් ආයතනයක් වෙනුවෙන් එල්ල කරන අයහපත් බලපෑමක් බවයි.
අනිත් අතට පෞද්ගලික නාලිකා සිදු කරන පක්ෂග්‍රාහී කටයුතු ගැන මැතිවරණ කොමිසමට හොඳ අවබෝධයක් තිබෙනවා. ගුවන් තරංගවල අයිතිය ඇත්තේ මහජනතාවටයි. මේ සීමාවන් රජයේ මාධ්‍යවලට පමණක් පැනැවීමට මැතිවරණ කොමිසමට නොහැකියි යැයි නීතිඥ උපුල් කුමාරපෙරුම කීවේය.
පෞද්ගලික මාධ්‍යවලින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන නොසලකා රජයේ මාධ්‍ය වෙත පමණක් සීමා පැනවීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීම හාස්‍යයට කාරණයක් යැයි කැබිනට් නොවන ඇමැති, එජාප මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය. රාජපක්ෂවරුන්ට වාසිදායක නොවන මාධ්‍ය ආයතනවලට සීමා පැනවීමට මැතිවරණ කොමිසම කිහිප වරක්ම කටයුතු කළ අතර, රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන සිදු කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන නොදැක්කා සේ ක්‍රියාකරයි. උදාහරණයක් ලෙස ජ්‍යේෂ්ඨ මුස්ලිම් අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි විසින් රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ආකාරය දැක්වෙන ව්‍යාජ හඬ පටය රාජපක්ෂ හිතවාදී පෞද්ගලික රූපවාහිනී ආයතනවලින් විකාශය කළ ද, එය ව්‍යාජ එකක් වුවද කිසිදු ආකාරයකින් සමාව ගැනීමක් සිදු වූයේ නැත. එම මාධ්‍ය ආයතනයට උපදෙසක් ලබා දීමට වත් මැතිවරණ කොමිසම කටයුතු කළේ නැත. මැතිවරණ කොමිසම නිතරම තම තුවක්කුව එල්ල කළේ රාජපක්ෂවරුන්ට අවාසිදායක අවස්ථාවලදී පමණි.
උපුටාගැනීම/ www.dinamina.lk