පසුගිය දා හලාවත නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ රෑස්වීමකට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහභාගී විය. එම වේදිකාවේ හලාවත එජාප සංවිධායක ශාන්ත අබේසේකර මහතාගේ ඡායාරෑපයක් පමණක් තිබූ අතර රන්ජන් රාමනායක මහතා ඔහු මේ මොහොතේ නොමැති නමුත් පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා ගැනද සඳහන් කලේය.
හලාවත සංවිධායකවරයා මේ මොහොතේ බන්ධනාගාරගතව සිටින අතර රන්ජන් රාමනායක මහතා ඒ සම්බන්ධයෙන් කියා සිටියේ “ශාන්තට එක නඩුවයි මට නඩු පහක් තිබෙන බවයි. එමෙන්ම මට නඩු වැටි තිබෙන්නේ කට පරෙසසම් කර නොගත් නිසා බවද මන්ත්‍රීවරයා එහිදී අදහස් කරන ලදී. පා.මන්ත්‍රි රන්ජන් රාමානායකට නඩු වැටී තිබෙන්නේ ඒ ආකාරයට වුවද හලාවත සංවිධායකවරයාට නඩු වැටී තිබෙන්නේ නම් කිසිවෙකුටත් දේශපාලන වශයෙන් අභියෝග කරන්නටවත්,වාද විවාද කරන්නට ගොසින් නම් නොවේ. මෙය හලාවත ජනතාව හොඳින් දනී.