2019 නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනපතිවරණයේ දි ජන්දදායකයින්ට ලබා දෙන නිල ජන්ද පත්‍රිකා ඊයේ ( 26 දා ) දහවල් කාලයේ පටන් සියළු ජන්දදායකයින් වෙත බෙදා දීම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සියළු තැපැල් කාර්යාලයන් වෙත ලබා දිම පිනිස මෙම නිල ජන්ද පත්‍රිකා සියළු තැපැල් කාර්යාල යන් වෙත එවා තිබුණි. මෙම නිල ජන්ද පත්‍රිකා නොවැම්බර් මස 9 වන දින දක්වා සියළු ජන්දදායකයන්ගේ නිවාස වෙත ට ගෙන ගොස් බෙදා මරන අතර තමන් වෙත ඒ වන තෙක් නොලැබුණ ජන්ද පත්‍රිකාවන් නොවැම්බර් මස 16 වන දින දක්වා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත පැමිණ පෞද්ගලිකව සිය අනනතාව හෙළි කර ලබා ගත හැකි බවත් කියයි. අනතුරුව ඉතිරිවන නිල ජන්ද පත්‍රිකා මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන බවත් කියයි. හලාවත ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත ජන්ද පත්‍රිකා තිස් දහසක් ලැබි තිබු අතර එම නිල ජන්ද පත්‍රිකාවන්ද 26 වන දින සිය ජන්දදායකයන්ගේ නිවෙස් වෙත ට ගෙන ගොස් බාර දෙන බව හලාවත තැපැල් කාර්යාලයේ ප්‍රකාශකයෙකු කීය.
හලාවත ප්‍රදේශයේ ඇතැම් මාර්ග මේ වන විටත් ගංවතුරට හසුව ඇති බැවින් ජන්ද පත්‍රිකාවන් බෙදා දිමේ දි දුෂ්කරතාවන් ඇතිවි ඇති බවත් කියයි. තැපැල්කරුවන් ජන්ද පත්‍රිකාවන් ගෙන ගිය අයුරු ජායාරූපයේ දැක්වේ.
ඔගස්ටින් ප්‍රනාන්දු/හලාවත