Sunday, November 24, 2024

පළමු තායි ථේරවාදී භික්ෂුණිය , බීබීසීය විසින් දී නම්කළ 2019 බලවත් කාන්තාවන් 100 දෙනා අතරට

Must read

thai-monk
Dhammananda Bhikkhun/ Source: thaibhikkuni.com

මෙම ලිපිය තායිලන්තයේ ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ප්‍රචතායි www.Prachatai.com හි හි පළවිය.බීබීසීය විසින් 2019 වසරේ තෝරන ලද ආදර්ශමත් කාන්තාවන් 100 දෙනා අතරට  ථේරවාදී භික්ෂුවක් ලෙස පැවිදි වූ පළමු තායි ජාතික කාන්තාව වන ධම්මානන්ද  භික්ඛුනිය වද නම්කරන ලදී.  ඇය මේ වනවිට තායිලන්තයේ සොන්ග්ඩම්මකාලියානි ආරාමයේ වත්මන් ආදිපාදවරිය වේ.
තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 300,000 ක් පමණ සිටියද, තායි භූමියේ පැවිදි වීමට කාන්තාවන්ට තවමත් බොහෝ දුරට තහනම්ය.
එබැවින් 2003 දී ධම්මානන්ද භික්ෂුණීය පැවිදි වීමට ශ්‍රී ලංකාවට පැමිණියාය.  ඒ  තායිලන්තයේ පළමු කාන්තා භික්ෂුව ලෙසයි.  දැන් ඇය වැනි භික්ෂුනියන්  තවත් 100 දෙනෙක් තායිලන්තයේ සිටිති. ඇය රටේ ප්‍රථම කාන්තා බෞද්ධ ආරාමය පිහිටුවන ලදී.
1928 දී කාන්තාවන් දෙදෙනෙකු පැවිදි කිරීමට උත්සාහ කිරීමෙන් පසු එවකට තායිලන්තයේ  කුලදෙටු පාලකයා වූ බුජොං ජොම්බුනුඩ් සිරිවහානෝ කුමරු භික්ෂූන් වහන්සේලා කාන්තාවන් භික්ෂුනියන් ලෙස පැවිදි කිරීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කළේය. කාන්තාවන් පැවිදි කිරීම තහනම් කරමින් තායිලන්තයේ  සංඝ සම්මේලනය විසින්  1984 සහ 1987 දී තීන්දු දෙකක් නිකුත් කළේය. නමුත්  1962 සංඝ පනතේ තායි ආරාම පාලනය කරන ලෞකික නීතිය සහ 1992 සංශෝධනය මගින් කාන්තාවන් පැවිදි කිරීම තහනම් නොවේ.
එපමණක් නොවල තායිලන්තයේ ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව (N- 2015 දී (NHRC )තීන්දු කළේ සංඝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කාන්තාවන් පැවිදි කිරීම තහනම් කිරීම කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතිය  (CEDAW) උල්ලංඝනය කරන බවයි.
එමෙන්ම එවැනි තහනමක් තායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) උල්ලංඝනය කිරීමක් බව (NHRC ) තීන්දු කළේය.
ථේර භික්ෂුණී පරම්පරාව තායිලන්තයේ නැවත ස්ථාපිත කිරීමට ධම්මානන්ද දැරූ උත්සාහයට කාන්තාවන් පැවිදි කිරීමට විරුද්ධ ගිහියන් හා භික්ෂූන් වහන්සේලාගේ විරෝධය එල්ල වී ඇති අතරල බොහෝ දෙනා කියා සිටියේ ථේරවාද භික්ෂුණී පරම්පරාව දැනටමත් මිය ගොස් ඇති බැවින් කාන්තාවන් පැවිදි කිරීම කළ නොහැකි බවයි. පිටත ලෝකයට  ‘භික්ෂුණී’ යන්නෙන් අදහස් කරන්නේ සම්පුර්ණයෙන්ම පැවිදි වූ කාන්තා පැවිද්දෙකි. කාන්තාවන් පැවිදි කිරීම තහනම් කරන ලෞකික නීතියක් නොතිබුණද, භික්ෂුණීන් විදේශීය සම්ප්‍රදායක් ලෙස සලකනු ලබන අතර තායිලන්තයේ ප්‍රධාන බෞද්ධ නියෝග දෙකෙන් පැවිදි කාන්තාවන් තවමත්  – බෞද්ධ ප්‍රජාවේ  කොටසක් ලෙස නිල වශයෙන් පිළිගෙන නොමැත.
බීබීසීයේ  විසින් නම්කළ කාන්තාවන් සියදෙනාගේ  ලැයිස්තුවට පසුගිය මාස 12 තුළ ශීර්ෂ පාඨ සකස් කළ හෝ වැදගත් කතන්දර වලට බලපෑම් කළ අය මෙන්ම ප්‍රකාශ කිරීමට දිරිගන්වන ජීවිත ආදර්ශ  ඇති අයයි. ඔවුන් තම  සමාජයට බලපෑම් කළ  අය මෙන්ම සැලකිය යුතු ජයග්‍රහණ  අත්කරදුන් අයවේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article