Sunday, November 24, 2024

බ්‍රිතාන්‍යයේ ලොරි රථයක් තුළ මිය පුද්ගලයින් ගැන සැකය වියට්නාමය දෙසට

Must read

_109409481_essex-lorry-comp
දෙමාපියන්ට කෙටි පණිවිඩයක් එවා ඇති ෆාම් තී රා නමැති 26 හැවිරිදි තරුණිය සහ නිගුයින් ඩින් ලූං

පසුගිය 23 වනදා  බ්‍රිතාන්‍යයේ  එක්සෙස් ප්‍රාන්තයේ ලොරි රථයක් තුළ තිබී  මළ සිරුරු 39 ක් හමුවිය. මෙම මළසිරුරු හඳුනා ගැනීමේදී  මුලදී මොවුන් චීන ජාතිකයන් ලෙස සැකකළද මේ වනවිට ඔවුන්   වියට්නාම ප්‍රජාව විය හැකි බවට  අවධානය යොමු කරන බව ව පොලිසිය පවසයි.
වියට්නාම් ජාතික පවුල් කිපයක්ම මෙම මියගිය පුද්ගලයින් අතර තමන්ගේ ඥාතීන් සිටින බවට මේ වනවිටත් සැකපහළ කර තිඛේ. ඒ සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය විසින් එක් තරුණියක්  සිය දෙමව්පියන්ට යවා ඇති  කෙටි පණිවිඩ ගැන හෙළිදරව්වක් කර තිඛේ. එහි තිඛෙන්නේ ‘සිය විදේශ සංචාරය අසාර්ථක වුණා. ආදරණීය අම්මේ තාත්තේ මම ඔබලාට ගොඩාක් ආදරෙයි.මට හුස්ම ගන්ඩ බැහැ මම මිය යමින් සිටිමි යන්නයි.’
මිය ගිය පුද්ගලයන් අතර කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමින් 31 දෙනෙකු බදාදා එසෙක්ස් හි ග්‍රේස් හි දී සොයා ගන්නා ලදී. මෙම මරණ සම්බන්ධයෙන් පස්වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවේ පසුවෙති.මෙම රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිඛේ.එක්සත් රාජධානියේ වියට්නාම ප්‍රජාව නියෝජනය කරන සංවිධානයක් වන ”වියට්හෝම්” කියා සිටින්නේ පුද්ගලයන් 20 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇති බවයි._109371067_mediaitem109348858

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article