Sunday, November 24, 2024

ගුවන් සේවා ඇමතිධූරය දරද්දී පියංකර කළ දුෂිත ක්‍රියා වලට නඩු

Must read

piyankara-jayaratne(8.31am) වර්ෂ 2010 / 2015  කාලවකවානුවේ දි සිවිල් ගුවන් ඇමැති පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා  අමාත්‍යවරයාව සිටිමින් ස්ථාපිතව ‍නොමැති ධුරයක් සඳහා සිය ධුරය භාවිතා කරමින් සංවර්ධන සැලසුම් නමින් ධුරයක් ඇති කර පත්වීමක් දයාවංශ යන අය පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කිරීමෙන් අල්ලස් පනතේ දුෂණය වරද සිදු කළ බවට අල්ලස් කොමිසම විසින්   චෝදනා ගොනු කර තිබූ හිටපු  එරෙහි අල්ලස් නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ :18- විභාගයට ගන්නා ලදී.   පැමිණිල්ලේ සාක්කිකරු වන දුෂණ විරෝධි පෙරමුණේ ලේකම් වික්‍රමසිංහ මහතා විසින් සාක්කි ලබාදීම සිදු කරනු ලැබු අතර මුල් පැමිණිල්ල නොමැතිවීම හේතුවෙන් නඩු විභාගය අතරමඟ නතර කර වෙනත් දිනයක් ලබාදීමට මහෙස්ත්‍රාත්වරිය තීරණය කළාය.
උන්නති පියංකර ජයරත්න ,බාලමානගේ දයාවංශ දෙදෙනාට එරෙහි අල්ලස් නඩුව පවරා තිබුණේ ඉකුත් 2017/9/25 වන දිනය. නඩු භාණ්ඩ 15ක් හා සාක්කිකරුවන් 22ක් යටතේ අල්ලස් කොමිසම මේ නඩුව පවරා තිබිණ.

නඩුව සාක්කි විභාගය ආරම්භ කර පැමිණිල්ලේ සාක්කිකරුට අවවාද කර ලබන පෙබරවාරි 14 වැනි දිනට නැවත විභාගයට දින නියම විණ. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නීති නිලධාරි හසිත ඇන්තනි මහතා පෙනී සිටියේය.
තොරතුරු – දිනමිණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article