Friday, November 22, 2024

නිරෝෂන්ගේ පුත්තලම් දිස්ත්‍රික් ඒකාධිපතිත්වය දැන් අහෝසියි ! චිත්‍රාල්ට නාත්තණ්ඩිය !

Must read

chithral 1වෙන්නප්පුවේ පෙරේරා පවුල යනු එක්සත් ජාතික පක්ෂයේ එක් ප්‍රධාන කුඵණක් බදු වු ප්‍රධාන මධ්‍යස්ථානයකි.  ඒ පවුල කොතරම් නම් ප්‍රසිද්ධියට පත්වුයේද කියනවා නම් වෙන්නප්පුවේ නම කළු බළලෙකුට ඈදා රටටම ගෙන ගිය යුගයක්ද විය.
කෙසේ වෙතත් මේ පවුල නිසා පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලකයන් ගණනාවකගේ දේශපාලන ඉරණම දංගෙඩියට කැදවාගෙන යනු ලැබිය.
මේ පවුල කල්පනා කරන්නේ දැන් චිත්‍රාල් ද සිටිය යුත්තේ පළාත් සභා දේශපාලනය තුල පමණක් බවය.
එපමණක් නොව වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායකධුරය දරන ජුඩ්ලා සිටිය යුත්තේ ප්‍රාදේශිය සභා දේශපාලනය තුල පමණක් බවය.සරත් වික්‍රමරත්න ගැනද එසේමය,
ඒ පවුලට අනුව පාර්ලිමේන්තු දේශපාලනය හිමිවිය යුත්තේ ඒ පවුලට පමණි.
වයඹ පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මේ දඩුකදට අසුව වසර ගණනාවකින් පිඩා විදි එක් දේශපාලකයෙකි.
ඔහුට තිබුනේ මේ පවුල සමග  මරාගෙන මැරෙන තරමේ වෛරයක් යැයි තතු දන්නෝ එමටය.
කිර්තිමත් ව්‍යාපාරිකයෙකු වු මෙරිල් පෙරේරා තවත් අයෙකි.
මේ ලයිස්තුවේ අළුත් ම බිල්ල වුයේ වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දුය.chithral
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළුව නාමයෝජනා කමිටු ප්‍රධානියෙකු වු මලික් සමරවික්‍රමගේද පුර්ණ ආශිවර්වාදය මැද නාමයෝජනා ලැබේවි යැයි මහත් බලපොරොත්තුවෙන් ගෙදර පැමිණි චිත්‍රාල්ට පසුදින ඉතිරි වි තිබුනේ නාමයෝජනා අත්සන් කිරිම පමණි.
එදින රැ ක්‍රියාත්මක වු එජාප පරපෝෂිත පවුල හලාවතින් ඡන්ද 100 ක් වත් හොලවාගන්නට බැරි හිලරි ප්‍රසන්න වෙනුවෙන් පුත්තලමට අහිමි කලේ එහි ලයිස්තුවේ සිටින 11 දෙනා අතුරින් කැත නැතිව ප්‍රතිපත්තිගරුකම එකා යැයි කිව හැකි තරුණ දේශපාලකයාවය.
කෙසේ වෙතත් මේ දේශපාලන කුහකත්වය පුත්තලම් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුව තිබේ.
මහින්දගේ වියරුවට එරෙහිව පාරට එන වයඹ ජනයා මේ යථාවද තේරුම්ගනු නොඅනුමානය.
කෙසේ වෙතත් දැන් නිරෝෂන්ගේ මේ දඩුඅඩුවෙන් මිදුන චිත්‍රාල්ට නාත්තන්ඩියේ එජාප සංවිධායකධුරය ලබාදෙන්නට පක්ෂ නායකත්වය තින්දු කොට තිබේ.
පමා වි පක්ෂයේ නායකයන්ට චිත්‍රාල් මතක් විම විසින් අපට කියා දෙන දේශපාලන පාඩම කුමක්ද ?
නිරෝෂන් යනු රනිල් දෙසට සිග්නල් දමා සජිත් දෙසට හැරවු අයෙකු බව නොවේද ?

පහත පළවන්නේ චිත්‍රාල්ගේ මිතුරෙකු වන තාරක විසින් සිය මුහුණු පොතේ තැබු සටහනකි.
චිත්‍රාල් 1

දෙයක් වේ නම් යම්, සුදුස්සාටම අයිති වියයුතු…
අළුත්කඩේ උසාවියේ අපේ ජ්‍යේෂ්ඨ නීතිඥ යින්ගෙ නඩු කීප් ඩවුන් කරන්න ඉන්න ගමන් ඇතිවෙච්ච යාළුකමට දැන් අවුරුදු දහයකට කිට්ටුයි..2013 වයඹ පළාත් සභාවේ ලාබාලතම එ.ජා.ප මන්ත්‍රී.. මනාප තරගයෙන් තුන් වෙනියා.. ඒත් පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දුන්නෙ නෑ.. හැබැයි උඹ ඉවසුවා.. පළ නොකියා පලා බෙදද්දි, උඹ කාගෙන හිටියා.. උඹ වටේ වෙන්නප්පුව, නාත්තන්ඩිය ඇතුළු පුත්තලම් දිස්ත්‍රික්කෙ මිනිස්සු පෙළ ගැහිල හිටියා..උඹ ඒ මිනිස්සුන්ට නැවුම්බලාපොරොත්තුවක් වුණා.. නොමිනේෂන් පේපර් එකෙන් උඹේ නම කැපුවට මිනිස්සුන්ගේ හදවත් වලින් උඹව කපන්න කාටවත් ම බැරිවුණා.. අපි, එරන්දලා කාවින්දලා උඹවෙනුවෙන් දුක් වෙද්දි උඹ හිනා වෙලා හිටියා.. රැළි ආව, රැළි ගියා..හැබැයි උඹ ඒ කිසි එකකට ගහගෙන ගියේ නෑ.. ඔන්න ඒ ඉවසීමේ ප්‍රතිපල ඇවිත්.. අද ඉදන් උඹ පුත්තලම් දිස්ත්‍රික්කෙ දෙවෙනි විශාලම ආසනයෙ සංවිධායක.. සතුටුයි හදවතින්ම.. එක්සත් ජාතික පක්ෂය තවත් තරුණ වුණා.. අනාගතය අපේ! ඒ අපිට ගොඩ යන්න නෙමෙයි, බලාපොරොත්තු වලට රැවටිලා හෙම්බත් වෙච්ච, දේශපාලනේ තිත්ත වෙච්ච අපේ පරපුරේ කොල්ලන් ට කෙල්ලන්ට, උන්ගේ අම්මලා තාත්තලගෙ බලාපොරොත්තු වලට සාධාරණයක් කරන්න..
සුභපැතුම් මගේ සහෝදරයා! ජාතික යොවුන් පෙරමුණේ ජාතික සංවිධායක , නාත්තණ්ඩිය ආසනයේ අභිනව එ.ජා.ප ප්‍රධාන සංවිධායක නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු..

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article