(11.32am) ඊයේ පොල්ගහවෙල නගරයේ වීදි වල සිටි සුනඛයින් වාහනයක නංවාගෙන යෑම පිළිබදව පුවතක් සුරතල් සතුන්ගේ සංවිධානයක මුහුණු පොතට ඡායාරූපයක් සමග වාර්තා කර තිබුණි.මෙම වාර්තාකිරීම ඉතාම ප්රායෝගික හා කාලීන පුවතක් වූ අතර එම දැනුම්දීම පිළිබදව සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩකරන සාමාජිකයින් සොයා බලා සවස් වනවිට එහි ඇත්ත සොයාගෙන තිබුණි. මෙම සතුන් ගෙන ගොස් තිබුණේ පොල්ගහවෙල MOH කාර්යාලයෙන් බවත් ඔවුන්ව වන්ධ්යානය කිරීම සදහා ගෙනගොස් තිබුණ බවත් ඔවුන් සොයාගෙන තිබුණි
ඡායාරූපය උපුටාගැනීම –Sadamali Weerasingha