(12.47pm) ජනාධිපතිවරණයට මෙවර අපේක්ෂකයන් 35ක් තරඟ වැදිමට සූදානම්ව සිටිති. මේ හේතුව නිසා ඡන්ද මධ්‍යස්ථාන වලට පැමිණීමට නියමිත ගණන් කිරීමේ නියෝජිතයන්ගේ.ගණන 175 දක්වා ඉහළ යන අතර ඒ වෙනුවෙන් දැරීමට වන වියදම් හා ශ්‍රමය ද වැඩිවන බව මැතිවරන කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන ලදී. ඒ අද පෙරවරුවේදී රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවති 07 වනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ නාමයොජ්නා භාරදීමේ කටයුතු අවස්අථාවෙිදීයි.
“අපි වියදම් කරන්ඩ බලාපොරාත්තු වුනේ කෝටි 400ක් විතරයි. දැන් අපේක්ෂකයෝ වැඩි නිසා ජන්ද පත්‍රිකා දික් වෙනවා. කම්කරුවන් න් වැඩි කරන්ඩ වෙනවා. නමුත් ඔබ එවන නියෝජිතයෝ සංඛ්‍යාව සීමා කරන්ඩ කැමතිනම් හොදයි. 175ක් එන තැනට 100ක් එවනවා නම් හොදයි . විශාල ශාලා ඕනා වෙනවා. 20×25 ශාලා වල පාසල් වල ඉඩ මදිවෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවට තියෙන වගකීම විශාල වගකීමක්.ඔබට තිබෙන්නේ ඔබේ ජන්ද ව්‍යාපාරය ගැන බලාගන්ඩ විතරයි. නමුත් අපේක්ෂකයෝ 35දෙනා ගැනම අපට බලාගන්ඩ වෙනවා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අප මේ වගකීම බාරගෙන ක්‍රියාකරනවා.”