(10.46am)ඉස්සන් වගා කිරීමේ සංගමය සහ කෘෂිකර්ම ,වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අතර සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (01) පැවත්වුණි.
මෙහිදී අවධානයට ලක්වූ ප්‍රධාන කරුණක් වූයේ ව්‍යාපාරිකයන් විසින් ඉස්සන් ආනයනය කිරීම හේතුවෙන් දේශීය ඉස්සන් වගාකරුවන් මුහුණපාන ගැටළු සම්බන්ධවයි. මේ සම්බන්ධව සොයාබැලීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව අමාත්‍යවරයා පවසන ලදී. එමෙන්ම ඉස්සන්ගේ මව් සතුන් ආනයනයේදී පවතින බද්ද අවම කිරීම ඇතුළු තවත් සහන කිපයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරය ප්‍රකාශ කරන ලදී.