ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති ගණන 13 ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඒ තවත් අපේක්ෂකයෝ සිව්දෙනෙක් ඊයේ (30) මැතිවරණ කොමිසමට මුදල් තැන්පත් කිරිමත් සමගය.නව සමසමාජ පක්ෂය වෙනුවෙන් බැද්දේගමගේ නන්දිමිත්ර, සමාජවාදී සමානතා පක්ෂයේ වජිරපානී විජේසිරිවර්ධන, නව සිහළ උරුමය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර සහ ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් පල්ලෙවත්ත යන මහත්වරුන් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
ඒ තවත් අපේක්ෂකයෝ සිව්දෙනෙක් ඊයේ (30) මැතිවරණ කොමිසමට මුදල් තැන්පත් කිරිමත් සමගය.
ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4දෙනෙකු ලෙස මුළු අපේක්ෂකයින් 13දෙනෙකු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
මේ ස්වාධින අපෙක්ෂකයන් අතර පුත්තලම් දිස්ත්‍රික්කයේ මහත්මා දේශපාලනය නිරතවු ශ්‍රිලනිප හිටපු ඇමතිවරයෙකු වු මිල්රෝයි ප්‍රනාන්දුද වෙයි.