Sunday, November 24, 2024

ළමුන් පූජා කළ විශාල භූමියක් පේරු හි පුරාවිද්‍යාඥයින් සොයා ගනියි

Must read

මෙතෙක් රටේ විශාලතම ළමා පූජා භූමිය ලීමා නගරයට උතුරින් පිහිටි වෙරළබඩ සංචාරක නගරයක් වන හුවාන්චකෝ අසල තිබී හමු වී තිඛේ. මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ පේරු හි පුරාවිද්‍යාඥයින් විසිනි. ළමයින්  පූජා කිරීමේ  චාරිත්‍රයක කොටසක් ලෙස නිසැකවම මරා දැමූ ළමුන් 227 දෙනෙකුගේ සිරුරු අඩංගු සොහොනක්  ‘හුවාන්චකෝ’ හිදී සොයාගෙන ඇත.
චිමු සංස්කෘතියේ දෙවිවරුන්ට ගෞරව දැක්වීම සඳහා වයස අවුරුදු 4 ත් 14 ත් අතර ළමුන් චාරිත්‍රානුකූලව පූජා කළ බව ජේ්‍ය්ෂ්ඨ පුරාවිද්‍යාඥ කැස්ටිලෝ පවසයි.
චිමු ශිෂ්ටාචාරය පේරු හි වඩාත්ම බලවත්ව පැවති අතර වූ අතර 1475 දී ඉන්කා අධිරාජ්‍යය විසින් යටත් කර ගන්නා තෙක් එහි භූමි ප්‍රදේශය රටේ වෙරළ තීරය පුරා ව්‍යාප්තව තිබිණි.  ළමයින් තෙත් කාලගුණය තුළ මියගිය බවට ලකුණු පෙන්නුම් කරයි. බොහෝ විට ,එල් නිනෝ සංසිද්ධිය සතුටු කිරීමේ, උත්සාහයක් ලෙස දේහය මුහුදට මුහුණලා ඇති ස්ථානයක තිබී ඇති බව පුරාවිද්‍යායින් අනුමාන කරති.
සමහර දරුවන් සොයා ගන්නා විටත් ඔවුන්ගේ සම සහ හිසකෙස් තිබී ඇත.9fb085e6d41247ad8687087395e04ea9_18

කැණීම් වලදී තවත් ළමයින් සොයා ගත හැකි බව පුරාවිද්‍යායින් අනුමාන කරයි.
”එය පාලනය කළ නොහැකි , මේ කාරණය ළමයින් සම්බන්ධයෙන් වීමයි. ඔබ කොහේ කැණීම් කළත් තවත් එකක් තිබේ, කැස්ටිලෝ පවසයි.
පේරු වෙරළ තීරයේ 1200 ත් 1400 ත් අතර වඩාත් ප්‍රචලිත වූ ‘චිමූ’ සංස්කෘතිය, ළමා පූජා අධ්‍යාත්මික චාරිත්‍රයක් ලෙස නිතිපතා භාවිතා කළේය.
‘චිමු’ ශිෂ්ටාචාරය පේරු හි වඩාත්ම බලවත් එකක් වූ අතර 1475 දී ඉන්කා අධිරාජ්‍යය විසින් යටත් කර ගන්නා තෙක් එහි භූමි ප්‍රදේශය රටේ වෙරළ තීරය පුරා ව්‍යාප්ත විය.
පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ දී පුරාවිද්‍යායින් විසින් ළමුන් 140 දෙනෙකුගෙන් යුත් සොහොනක් සොයා ගත් අතර, වයස අවුරුදු පහේ සිට 14 දක්වා විය.
නූතන ටෘජිලෝ නගරය අසලදී හමු වූ එම දරුවන් ද සැලකිය යුතු කාලගුණික සිදුවීමක් නැවැත්වීම සඳහා පූජා කරනු ලැබුවා විය හැකිය. සමහර විට එල් නිනෝ සිද්ධාන්තය විය හැකි බව ඔවුන් අනුමාන කරති.aa9fd11e8af64f9fa46c208b2dd4b54e_18


තොරතුරු – Al Jazeera ඇසුරින්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article