කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මනාපයක් ලබාදීම එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් සිය ඡන්දය පාවිචිචි කළ 50595 දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑහතර දහස් එකසිය විසි හතරක් (474124 ) වන අතර වන අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව හාරලක්ෂ විසිතුන් දහස් පන්සිය විසි නවයකි. (423529)
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඡන්දය පාවිචිචි කළ පනස් දහස් පන්සිය අනූපස් දෙනෙකු (50595 ) මහින්ද රාජපක්ෂ මහතාට මනාපයක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාට මනාපයක් ලබාදීම පනස් දහසකට අධික සන්ධාන ඡන්දදායකයින් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ , එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු සෑම අපේක්ෂකයෙකු විසින්ම සිය මැතිවරණ කටයුතු සදහා යොදාගත් පොස්ටර්, කටවුට්, අත්පත්‍රිකා, පුවත්පත් සහ රූපවාහිනී දැන්වීම් ඇතුඵ සෑම ප්රචාරක කටයුත්තකදීම තමාගේ අංකය හා සමතැනක් දෙමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මනාප අංකය වූ අංක 16 ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබූ පසුබිමක් තුළවීම විශේෂත්වයකි. එමෙන්ම සන්ධානය වෙනුවෙන් පැවැති ලොකු කුඩා රැස්වීම්වලදී කතා පැවැත් වූ අපේක්ෂකයින් ඇතුඵ සෑම අයෙකුම විසින් ‘බුද්ධ පූජාව වෙන්කරනවා වගේ පළමු මනාපය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන් කරන්නැයි ’ ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටි පසුබිමක් තුළය.
අපේක්ෂකයින් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ අංකයටද සිය ප්රචාරක කටයුතුවලදී සම තැන් දී තිබූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයකි මේ.