Sunday, November 24, 2024

” මට තවමත් ඇසෙනවානම්,මට නොපෙණනත් කමක් නෑ”එස්.පී.බාලාගේ රසිකයෙකු කියයි.

Must read

mathimaran“මට තවමත් ඇසෙනවානම්  මට නොපෙනුණත් කමක් නෑ ”.  ඒ බෝම්බ පිපිරීමකින් සුවය ලබමින් සිටියදී මතිමාරන් තම වෛද්‍යවරයාට පැවසූ වදන්ය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරීමෙන්    මතිමාරන්ට ක්ෂණිකව පෙනීම නැති විය. ඔහුට තවත් බොහෝ තුවාල සිදුවී ඇති අතර ඔහුට ඛේදවාචකයෙන් සුවය ලැබීමට මාස 6 ක් ගතවිය. ටික කලකට පසු ඔහු මැලේසියාවට ගොස් නීතිය කියවීමට උත්සාහ කළේය. දැන් මතිමාරන් පෞද්ගලික ආයතනයක නීති කථිකාචාර්යවරයකු වන අතර ඔහු තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.

මෙම අසීරු කාලවලදී සංගීතය මතිමාරන්ව නොනවත්වා තබාගෙන සිටියි. මතිමාරන් දකුණු ඉන්දීය  විශිෂ්ට ගායකයෙකු වන එස්.පී. බාලසුබ්‍රමනියම් මහතාගේ රසිකයෙකි.  එස්.පී. බාලසුබ්‍රමනියම්ගේ  සංගීතය තමාව සුව කිරීමට උපකාරී වන ශක්තිමත්  යාන්ත්‍රණයක් ලෙස ඔහු හඳුන්වයි.

මතිමාරන්ගේ කතාව  ඇසූ රාගව් ප්‍රොඩක්ෂන්ස් හි සංවිධායකයින් මතිමාරන් පුදුමයට පත් කිරීමට තීරණය කළේ ඔහු වන්දනා කරන පුද්ගලයා   හමුවීමට අවස්ථාවක් ලබා දෙමිනි.

ජීවමාන පුරාවෘත්තයක්  වන එස්.පී. බාලා ඔහු පුදුමයට පත් කරවමින් ඔහුගේ වේදනාව බෙදාගනිමින් ඔහු සුවපත් කරමින් , මතිමාරන් සමඟ ආදරය බෙදාගත් අයුරු.
උපුටා ගැනීම/ varnamnews

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article