Sunday, November 24, 2024

“දකුණු වෙන්නප්පුව වෙල්යායේ කොහුබත් ඉවත්කර ඒ ආසන්නයේම ගොඩගැසීමට පමණයි, මම උපදෙස් දුන්නේ, ඒවා ගොඩකිරීමට නොවේ”

Must read

IMG-20190806-WA0000

(2019 /අගෝස්තු / 06 වනදා වන විට එම ස්ථානය ගොඩකර ඇති අයුරු)

වෙන්නප්පුව ගොවිජනසේවා කොමසාරිස්වරයා පවසයි –

(3.50pm) දකුණු වෙල්යායේ කොටසක් ගොවි  සමිතියේ මුවාවෙන් බැකෝ දමා සුද්දකර මේ වන විට ගොඩකිරීම ආරම්භ කර තිබේ. මෙම ගොඩකිරීම සිදුවන අවස්ථාවෙිදීම (මාර්තු මාසයේ) දි  මෙම වෙල්යාය ආසන්නයේම පදිංචි ප්‍රදේශවාසීන් මෙම නීති විරෝධී ක්‍රියාවට විරෝධය පැ අතර වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

IMG-20190806-WA0004

සතියකට පෙර ගොඩකිරීම ආරම්භ කරන අයුරු

මාස 4ක් යනතුරුත් වෙන්නප්පුවේ ගොවිජන සේවා කාර්යාලයටත්,ප්‍රාදේශීය ලේකම්වරයාටත්,වෙන්නප්පුව පොලීසියටත් මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නවතාදමන්නට මේ වනවිට හැකියාවක් ලැබී නොමැති බව පෙනී යන අතර මෙි වන විට මෙම කුඹුරු කොටස් කීපයක් ගොඩකර වෙනත් කටයුත්තක් සඳහා සූදානම් කරමින් තිබෙන අයුරු දැකගන්නට හැකිය. මේ නීති විරෝධි ක්‍රියාව පිටුපස ප්‍රදේශයේ නම ගිය දේශපාලකයෙකු හා ඔවුන්ගේ ආධාරකරුවන් කීපදෙනෙකුද සිටින බව ප්‍රදේශවාදීන් පවසති.

Wayambatoday වෙබ් අඩවිය විසින් අද (06) සිදුකළ විමසීමකදී  වෙන්නප්පුව ගොවිජන  සේවා කාර්යාලයේ කොමසාරිස්වරයා පවසන්නේ මෙම වෙල්යාය නැවත සංවර්ධනය කිරීම අවශ්‍ය නිසා මෙම වෙල්යායේ ඇති කොහුබත් ඉවත්කිරිමට අවශ්‍ය  බව  ගොවි සමිතියක සාමාජිකයින් තමන්ට දැනුම් දුන් බවයි. එමෙන්ම නැවත අස්වැද්දීමට නම් කොහුබත් ඉවත් කළ යුතු වන අතර එසේ නම් කොහුබත් ඉවත්කර ඒවා වෙල්යායේ තැනක ගොඩගසන ලෙසද තමන් ඔවුන්ට දැනුම්දුන් බවද කොමසාරිස්වරයා පවසයි.

මේ වන විට මෙම පස් හා කොහුබත් ඉවත්කළ කුඹුරු කොටස් පස්වලින් පුරවමින් සිටින අතර මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් ද යන්න කොමසාරිස්වරයාගෙන් අප විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ එය නීති විරෝධී බවත් මේ සම්බන්ධයෙන් විමසා බැලීමට ඉක්මණින් ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

කුඹුරු ගොඩකිරීමට නිදහසට හේතු සඳහා ඔප්පු නොමැතිබව කීම ,අයිතිකරුවන්ගේ කැමැත්ත ලබාගැනීම, වංචනික ඔප්පු සකස්කිරීම ආදී සියල්ල මේ පිටුපස සිටින පුද්ගලයන් විසින් මේවන විටත් ක්‍රියාවට නැංවීම ආරම්භ කර ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි. ඔවුන්ගේ අරමුණ වන්නේ ඉඩම් කට්ටි කර විකුණන ව්‍යාපාරිකයින් ලවා  මෙම ස්ථානය කොටස්ක කර  විකිණීම බවද මෙම නීතිවිරෝධී ක්‍රියාව හෙලාදකින ප්‍රදේශවාසීන් පවසති.

viber image 2019-03-14 , 13.06.18

2019මාර්තු මාසයේ කුඹුරු වල පස් සහ කොහුබත් බැකෝ දමා ඉවත්කරමින්.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article