Saturday, November 23, 2024

හෘදසාක්ෂියට කුරුණෑගලින් ඉඩක් නැති හැඩයි ?

Must read

දැනට නිකුත් කෙරෙමින් පවතින මහමැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව ජනතා විමුක්ති පෙරමුණට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රී ආසනයක් හිමිනොවන ලකුණු පහළ වී තිබේ.

ඒ අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීධූර පහළොව එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතරේ බෙදීයාමේ වැඩි ඉඩකඩක් පවතී.

කෙසේවෙතත් මෙවර මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය ප‍්‍රචාරක කටයුතු මෙහෙය වූ උද්යෝගිමත් සහ ආකර්ශණීය විලාසය හේතුවෙන් බොහෝ දෙනෙකු අනාවැකි පළකළේ මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් එක් මන්ත‍්‍රී ධූරයක් හෝ ජයග‍්‍රහණය කරනු ඇති බවටය. නමුත් කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර ඇති ව තිබූ කරට කර සටන හේතුවෙන් එම පක්ෂ දෙකෙහිම ලබාගත් ඡන්ද ප‍්‍රතිශතයින් ඉහළ මට්ටමක පැවැතීම නිසා මෙවර මැතිවරණයේදී ආසනයක් දිනාගැනීම සදහා කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා අවම වශයෙන් හැටදහස ඉක්ම වූ ඡන්ද ප‍්‍රමාණයක් අවශ්‍ය වන බවට උපමාන කළ හැකි නමුත් ජනතා විමුක්ති පෙරමුණ විසින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ලබාගෙන ඇත්තේ හතළිස් දහසකට ආසන්න ඡන්ද ප‍්‍රමාණයක් පමණක් බවද වාර්තා වෙයි.

නිකුත්වෙමින් පවතින ප‍්‍රතිඵලවලට අනුව සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයද කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් දරුණු පසුබෑමකට ලක් වී තිබේ.

පහත දැක්වෙන්නේ නාමල් කරුණාරත්න මහතාගේ නායකත්ව‍යෙන්කුරුණෑගලින් දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායමේ ඡායාරූපයකි.

mail.google.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article