පෙබරවාරි 27 වනදා පැවති වෙන්නප්පුව ශා.ජෝශප් වාස් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ගරු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමන් සහභාගී විය. මෙම උත්සවයට හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ද සහභාගී වූ අතර තවමත් අවසන් කර නොමැති විදුහලේ ඉදිවෙමින් පවතින ගෘහස්ථ ක්‍රීඩාගාරය ගරු හරින් ප්‍රනාන්දු අමාත්‍ය තුමන්ගේ නිරීක්ෂයට ද ලක්විය. එහි වැඩ අවසන් කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට ද අමත්‍යවරයා පොරොන්දු වී බව චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සදහන් කර තිඛේ.