Saturday, November 23, 2024

තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි කරන්නාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Must read

index

තමන් අත්අඩංගුවට ගැනීමේ වලක්වාලමින් තහනම් නියෝගයක් රහස් පොලීසිය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු  නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිදුවීමක් සම්බන්දයෙන් හිටපු  නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කරමින් සිටින අවස්ථාවක කරන්නාගොඩ මහතා මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා, රහස් පොලිසියේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article