Saturday, November 23, 2024

ව්‍යාපාරිකයෙකුගේ වරදින් ඉන්දියාවේ ගම්මරිස් කෝටාව ශ්‍රී ලංකාවට අහිමි වන ලකුණු

Must read

pepper-gammiris

මෙරට ව්‍යාපාරිකයෙකු විසින් බදු සහන භාවිතා කරමින් වියට්නාමයෙන් ගෙන්වූ ගම්මරිස් ශ්‍රී ලංකා ගම්මිරිස් ලෙස ඉන්දියාවට යැවීම හේතුවෙන් එම ගම්මිරිස් කෝටාව මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව තිබේ. ශ්‍රී ලංකා නාමය යටතේ අපනයනය වියට්නාම ගම්මරිස් ප්‍රමිතියෙන් බාල වීම මෙම කෝටාව ශ්‍රී ලංකාවට අහිමි කිරීමට ප්‍රධාන හේතුව වී ඇත.

මෙම ව්‍යාපාරිකයා විසින් වියට්නාමයෙන් ගම්මිරිස් මෙට්‍රික්ටොන් 2800ක් පමණ ශ්‍රී ලංකා නාමයෙන් අලෙවි කල බවට මේ වන විට සිදුකර ඇති රේගු පරීක්ෂණ වලින් හෙලවී ඇති අතර

ශ්‍රී ලාංකිකයෙකු විසින් වියට්නාමයෙන් ගෙන්වූ ගම්මිරිස් මෙට්‍රික්ටොන් දෙදහස් අටසියයක්පමණ ශ්‍රී ලංකා නාමය යටතේ අලෙවි කළ බවටරේගුව සිදුකළ විශේෂ පරීක්‍ෂණයකදී හෙළිව තිබේ.ඉන්දියාවෙන් ලැබෙන බදු සහනය යටතේ වසරකට මෙරටින් ඉන්දියාවට අපනයනය කළ හැකි උපරිම ගම්මිරිස් ප්‍රමාණයමෙට්‍රික්ටොන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් පමණක් වූවත් එම ව්‍යාපාරිකයා විසින් තවත් මෙට්‍රික්ටොන් තුන්සියයකටඅධික ප්‍රමාණයක් අලෙවි කර තිබෙන බවටද හෙළිව ඇත.එසේ අලෙවි කිරීමෙන් ඔහු රුපියල් කෝටි එකසිය හතළිස්හතරක් උපයාගෙන ඇතැයිද තහවුරු වී තිබේ

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article