2019 වසර සදහා වන පාසල් නිල ඇදුම් වවුචර් පත් 2019 වසරේ පළමු පාසල් නිවාඩුව අවසන් වීමට පෙර පාසල් වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.ඒ හේතුවෙන් දෙසැම්බර් 31 දක්වා වලංගු වූ මෙම වවුචර් වල වලංගු කාලය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමටද අමාත්‍යංශය තීරණය කර ඇත.
මෛත්‍රී – රාජපක්ෂ නීතිවිරෝදී ආණ්ඩුව විසින් පාසල් ළමුන්ට නිල ඇදුම් වවුචරය වෙනුවට නිල ඇදුම් රෙදි ලබාදෙන බව සදහන් කිරීමත් සමග වවුචර් ලබාදීම නතර වූ අතර නිල ඇදුම් රෙදි ලබාදීමද ඔවුන විසින් නියමිත කාලයේදී සිදු නොකරන ලදී. ඉන්පසු නැවතත් බලයට පැමිණි වත්මන් රජය විසින් නැවතත් නිල ඇදුම් වවුචර් ලබාදීම සදහා වන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.