ජනපති සිරිසේනගෙත් රජපක්ෂලාත් එක්ව රට අනතුරේ හෙළමින් දියත් කර ඇති කුමන්ත්‍රණය හා එක්ව රාජ්‍ය මාධ්‍ය ආයතන දිගින් දිගටම ජනතාවට බොරු කියමින් සිටිම අභියෝගයට ලක්කරමින් ඒ ඒ ආයතන ඉදිරිපිට විරෝධ දැක්විමට ඇත්ත අගයන සැමට ඇරයුම් කර සිටින බව මාධ්‍ය ක්‍රියාකාරිහු පවසා සිටිති.
ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ ( නොවැ 28 වෙනිදා) රාජගිරියේදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බොරු කියන්න එපා ඇත්ත කියනු යැයි රාජ්‍ය මාධ්‍යවලට බල කරන සිටින විරෝධතාවය නොවැ 30 වැනිදා දවල් 12 ට ලේක්හවුස් වටරවුමේදි පැවැත්වේ .
මෙම හමුවට විවිධ මාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් කිපදෙනෙකුම අදහස් දක්වා සිටි අතර ජේෂ්ඨ මාධ්‍යවේදින් කිපදෙනෙකුද මේ අවස්ථාවට එක්ව සිටියහ.