වාරියපොල, මලගනේ වැවෙන් නෙලුම් මල් කැඩීමට ගිය පිරිසක් රැගත් ඔරුවක් පෙරළීමෙන් එහි ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (24 දා) පවස්වරුවේ දියේ ගිලී අතුරුදන් වී ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ රාගම, බටුවත්ත ප්රදේශයේ පදිංචි ගමනායක මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩාර නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකු සහ එදිරිමුනි ආරච්චිලාගේ ගෝකූල හසිත ගී නද නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
මෙම දෙදෙනා ඇතුලු පස් දෙනෙකු අද පස්වරු 2 ට පමණ ඔරුවක ආධාරයෙන් මලගනේ වැවෙහි ඇති නෙලුම් මල් කැඩීමේ යෙදී ඇති බව පොලිසිය කියයි. මල් කඩමින් සිටි පිරිසේ සමබරතාවය ගිලිහීමෙන් ඔරුව එක්වරම වැව මැද පෙරළී ගොස් ඇති අතර එහිදී ඔරුවේ සිටි සියලුදෙනාම දියෙහි ගිලී තිබේ. දියේ ගිලුණු පිරිසෙන් තිදෙනෙකු ගොඩබිමට පීනා දිවිගලවාගෙන තිබේ.
පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව අතුරුදන් පුද්ගලයින් දෙදෙනා සොයා මලගනේ වැව පරීක්ෂා කිරීමේ යෙදී සිටි අතර මේ වනවිටත් (පස්වරු 6) ඔවුන්ගේ සිරුර සොයාගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.
(ප්රවෘත්තිය සදහා යොදාගෙන ඇති ඉහත ඡායාරූපය මෙම සිදුවීමට සම්බන්ධ ඡායාරූපයක් නොවන අතර ප්රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )