මහව නගර සීමාව තුළ පිහිටි ඉපැරණි සහ සුවිසල් කුඹුක් ගසක් සැක කටයුතු ලෙස කපාදැමීම පිළිබදව සොයාබැලීමට ගිය මහව සිරස වාර්තාකරු වීරරත්න බණ්ඩාර මහතාට එම ගස් කැපීම මෙහෙයවන දෙන බව කියන පුද්ගලයෙකු විසින් අද (23 දා) දහවල් බැණ තර්ජනය කර තිබේ.
අදාල ගස පුද්ගලික වත්තකට අයත් බව කියමින් එක් පිරිසක් විසින් එය කපා දමමින් සිටින නමුත් ගසෙහි පිහිටීම අනුව එහි අයිතිය මාර්ග සංවර්ධන අධිකාරිය සතු බවට මහව ජනතාවගේ අදහස වී තිබේ. සැකකටයුතු අයුරින් මෙම ගස කපා දමමින් සිටින බවත්, එය විශාල අපරාධයක් බවටත් මුහුණුපොත ඔස්සේ ද මේ වනවිට අදහස් හුවමාරු වෙමින් තිබේ.
ජනතාවගෙන් ලැබුණු තොරතුරුවලට ගස කපා දමන ස්ථානයට අද දහවල් ගිය වීරරත්න මහතා ගස කපමින් සිටි පුද්ගලයින්ගෙන් ඒ පිළිබදව විමසීමක් කර තිබේ. එම අවස්ථාවේදි යතුරු පැදියකින් එහි පැමිණි, ගස් කපාදැමීම මෙහෙයවන බව කියන අයෙකු මාධ්‍යවේදී වීරරත්න මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් දිගින් දිගටම තර්ජනය කර තිබේ.
පසුව වීරරත්න මහතා විසින් තමාට එල්ල වූ තර්ජනය පිළිබදව මහව මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර ඇති අතර එය අනිද්දා (25 දා) විභාගයට ගැනීමට නියමිතව තිබේ.
අදාල ගස කපා දැමීම පිළිබදව මුහුණුපොත ඔස්සේ පළ වී තිබූ අදහස් සහ ඡායාරූප කිහිපයක් හා ගස් කැපීම මෙහෙයවන පුද්ගලයා විසින් වීරරත්න මහතාට තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝව ද පහත දැක්වෙයි.
‘