වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණු කේ. සී. ලෝගේෂ්වරන් මහතා පසුගිය 19 වැනිදා එම ධූරයෙහි රාජකාරි ආරම්භ කළේය.
වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටි වයඹ ආණ්ඩුකාර කාර්යාලය හෙවත් ‘‘ මාළිගාව “ වෙත එදින උදෑසන පැමිණි ලෝගේෂ්වරන් මහතා, එහි පිවිසුම් දොරටුව අසලදී වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුලු මැති ඇමැතිවරුන් විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව පෙරහැරකින් ආණ්ඩුකාර කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබූ ලොගේෂ්වරන් මහතා සර්වාගමික ආශිර්වාද මැද, ලිපියකට අස්සන් තබමින් නව තනතුරෙහි රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට වයඹ හිටපු ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය ද එක්ව සිටියාය.