වෙසක් , පොසොන් සහ ඇසළ පොහෝ දිනයන්හි තොරණ ප්රදර්ශනය තහනම් කිරීමට රජය ගත් තීරණය අගය කළ යුතු බවත්, දන්සල් සම්බන්ධයෙන් පවා එවැනි තහනමක් පැනවීම ඉතා සුදුසු බවත් බොදුබලසේනා සංවිධානයේ මහලේකම්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.
කුලියාපිටිය, ගලහිටියාව තරුණ බෞද්ධ සංගමය විසින් පෙරේදා (31 දා) සංවිධානය කර තිබූ ධර්ම දේශනාවකදී උන්වහන්සේ ඒ බව පැවසූහ.
රටට, ජාතියට සාසනයට විනකටින දෑ නැවැත්වීම වෙනුවෙන් විවේචන ඉදිරිපත් කරමින් ඒවාට එරෙහිවනවා සේම, යමෙකු විසින් සිදුකරන යහපත් දේ මෙන්ම ගන්නා වූ වැදගත් තීන්දු තීරණ අගයකිරීමත් තමන්ට හැකියාව ඇති බවද උන්වහන්සේ එහිදී පැවසූහ. වෙසක්, පොසොන් පොහොයවලදී පමණක් නොව සෑම පොහෝ දිනයකදීම බෞද්ධයින් විසින් පිළිවෙත් පිරිය යුතු බවත්, ප්රතිපත්ති පූජාවේ පිහිටා කටයුතු කළයුතු බවත් උන්වහන්සේ එහිදී පැවසූහ.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්ර