Monday, November 18, 2024

රනිල් දිනුවොත් කුරුණෑගලට ලැබෙන දේවල් මෙන්න ! මහින්දගේ පොරොන්දු අද ?

Must read

එජාප රජයක් යටතේ කුරුණෑගලට ,
– ඉඩ කඩ ඇති සුවිසල් නගරයක්.
– මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක්.
– නව බාලක බාලිකා පාසල් දෙකක්
– කුලියාපිටිය- දඹදෙණිය- කටුගම්පළ ‍කේන්ද්‍රකරගත් ආර්ථික සංවර්ධන අධිකලාපයක්.
– වයඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්
– කුලියාපිටියට ශික්ෂණ රෝහලක්.

මහින්දගෙන් කුරුණෑගලට අද මොනවා ලැ‍බේවිද ?

 

එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රණය කළහොත් නව බාලක, බාලිකා පාසල් දෙකක්, වයඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්, කුලියාපිටියට ශික්ෂණ රෝහලක් ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයට ලබා දෙන ප්‍රතිලාභ ගණනාවක් පිළිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය 12 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අවසන් මහා රැළියේදී ජනතාව හමුවේ පොරොන්දු විය.

එම රැලියේදී ජනතාව අමතමින් අදහස් දැක් වූ අගමැතිවරයා මෙසේ කීය.

“මම ගිය සතියේ ආරම්භ කළා මධ්‍යම අධිවේගි මාර්ගය.කඩවතින් පටන් අරගෙන මීරිගමට ගිහින්  මීරිගම ඉදන් කුරුණෑගලට යනවා. පොතුහැරින් ගලගෙදරට යනවා. කුරුණෑගලින් දඹුල්ලට යනවා. එතකොට කුරුණෑගලට තියෙන වටිනාකම තවත් වැඩිවෙනවා. නිකං ඇස්වහගෙන ඉන්න. ඔයගොල්ලන්ගේ ඉඩම්වල වටිනාකම දෙගුණයකින් නෙවෙයි, පස් ගුණයකින් නැත්නම්
දහගුණයකින් වැඩිකරනවා. එක පැත්තකින් කුලියාපිටිය, දඹදෙණිය, කටුගම්පොළ පැත්තේ ආර්ථික සංවර්ධන අධි කලාපයක්. මෙතැනින් ප‍්‍රධාන මාර්ගය යනවා. හැමපැත්තෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික්කය දියුණු වෙනවා. එතකොට මේ කුරුණෑගල මදි. ඒ නිසා කුරුණෑගල නගරයත් විශාල කරනවා කියලා මම කියන්න කැමැතියි. විශාල නගරයක් මම දෙනවා. මේ කුරුණෑගල නගරය
ආරම්භ වෙනකොට එක්දාස් අටසිය තිහේ , හතළිහේ මේක ඉතාම පොඩි නගරයක්. අපේ මුත්තලා ඔක්කොමලා මෙහාට ඇවිල්ලා පදිංචි වුණා. මේක විශාල වුණාට වෙනසක් වෙලා නෑ. ඒ නිසා විශාල නගරයක් බවට පත්කරනවා. අනිත් පැත්තෙන් දඹුල්ල දියුණු කරනවා. මහනුවර කුණ්ඩසාලේ වෙනකම් ගේනවා. මාතලේ දියුණු කරනවා. එහෙනම් මේකේ කේන්ද්‍රස්ථානයක්
හැටියට කුරුණෑගල තියෙන්න ඕනෑ. අපි මේ රටේ මධ්‍යම පන්තියට, වැඩකරන ජනතතාව සදහා නිවාස ලක්ෂ පහක් හදනවා සහනාධාර ක‍්‍රමයකට ලබලා දෙන්න. ඒ නිවාසවලින් කොටසක් මේ කුරුණෑගල වටේ හදනවා කියලා මම කියන්න කැමැතියි. ඒ වගේම ඔබට ජලය ලබාදෙන වැඩසටහනකුත් ගේන්න තියෙනවා. දැනට තියෙන ජල ප‍්‍රමාණය මදි. අන්න ඒ ටික මම කුරුණෑගලට කරනවා.

ඒ එක්කම අපි දූෂණය නැති කරනවා. දූෂණය නැති කරන්න අඵත් නීති ගේනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරනවා. ඔබේ මූලික අයිතිවාසිකම් තවත් ශක්තිමත් කරනවා. අධිකරණයේ නිදහස ඇතිකරනවා. අධ්‍යාපනයේ දියුණුව ඇතිකරනවා. අවුරුදු දහතුනක් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කරනවා. ඒ වගේම වෘත්තිය පුහුණුවත්, කාර්මික පුහුණුවත් ලබලා දීලා ඔබේ වයඹ විශ්ව විද්‍යාලය දියුණු කරලා, වෛද්‍ය පීඨයකුත්, ශික්ෂණ රෝහලකුත් කුලියාපිටියට ලබලා දෙනවා. ඒ වගේම කුරුණෑගලට හොද මට්ටටමේ බාලිකා සහ පිරිමි විද්‍යාල දෙකකුත් හදලා දෙනවා කියලා මම කියන්නම්. කුරුණෑගල නගරය වෙනුවෙන් මගේ යුතුකම ඉෂ්ඨ කරන්න මම ලෑස්තියි. ”

එක්සත් ජනතා නිදහස් සන්ධාන අවසන් මහා රැළිය අද පස්වරුවේ කුරුණෑගල මාළිගාපිටියේදී ආරම්භවීමට නියමිත අතර එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය ක‍ළහොත් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ මොනවාදැයි එහිදී හෙළිකළහොත් ඒ පිළිබදවද වාර්තාකිරීමට ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය සූදානමින් සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article