හෙරොයින් ජාවාරමේ යෙදීමේ චෝදනාව සම්බන්ධයෙන් කුලියාපිටිය මහාධිකරණය හමුවේ විභාග වූ දීර්ඝ නඩු විභාගයක තීන්දුව අද (01 දා) ප්‍රකාශයට පත්කළ කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා එම නඩුවේ විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවූයේ පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ අබ්දුල් කාදර් මොහොමඩ් නවුෆර් නැමැත්තෙකුටය.
1998 වසරේ පෙබරවාරි මස 01 වැනිදා කොළඹ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයෙන් කළ වැටලීමකදී විත්තිකරු සන්තකයේ තිබූ සතුව හෙරෝයින් ග්‍රෑම් 7.9ක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා ගොණුකොට නඩු පවරා තිබිණි.
රජයේ අධිනීතිඥ ඉරෝමා නානායක්කාර මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ සංජය විජේපාල මහතා පෙනී සිටියේය.