Saturday, January 18, 2025

Must read

 බස්නාහිර – වයඹ මන්ත‍්‍රීවරු රහසේ හමුවෙති.
මහින්ද යළි බලයට ගෙනඒමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සදහා බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරු පිරිසක් පසුගිය සතියේ දිනෙක වයඹ පළාතට නෑගම් ආහ. නෑගම් ආවා යැයි කීවාට කාටත් හොර රහසේ දෙපිරිස මුණගැසුණේ ගැට්ටුවානේ පිහිටි නිවසකදීකය. හමුව සංවිධානය කිරීමේ බර කරට ගෙන තිබුණේ මන්ත‍්‍රී කමල් ඉන්දිකය. kaml indikaඑදින උදෑසන මහින්ද වෙනුවෙන් උතුරු මැදට නෑගම් ගොස් තිබූ බස්නාහිර මන්ත‍්‍රී පිරිස , තම වයඹ සගයින් මුණගැසුණේ එදින හවස් වරුවේදීය. යසපාල කෝරළගේ, සමන්මලී සකලසූරිය, ජගත් කුමාර, ගුණසිරි ජයනාත් , ආනන්ද හරිශ්චන්ද්‍ර, උපුල් රාජිත, ඇතුඵ මන්ත‍්‍රීවරුන් බස්නාහිර විසිදෙනෙක් පමණ මහින්ද වෙනුවෙන් වයඹට නෑගම් පැමිණ සිටියහ. බස්නාහිරින් මන්ත‍්‍රීවරුන් විසි ගණනක් පැමිණ සිටි නමුත් වයඹ මන්ත‍්‍රීවරුන්ගෙන් මෙම හමුවට සහභාගි වී සිටියේ මන්ත‍්‍රීවරුන් දොළහකට ආසන්න ගණනකි. හමුවට ඇමැති සනත් නිශාන්ත, ඇමැති දෙහිගම, ඇමැති ඞී. බී. හේරත් මෙන්ම ඇමැති සන්ධ්‍යද පැමිණ සිටි අතර වයඹ ඇමැති මණ්ඩලය නියෝජනය ඇමැතිවරුන්ගෙන් අඩුවකට කියා තිබුණේ මහඇමැති දයාසිරි එතැන නොසිටීම පමණි. ඇමැතිවරුන්ට අමතරව සමන්ප‍්‍රිය හේරත්, ටිකිරි අධිකාරි, චින්තක මායාදුන්න , අසංක නවරත්න සහ බණ්ඩාර රාජපක්ෂ ඇතුඵ මන්ත‍්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටියහ. කෙටියෙන් සිදුකෙරුණු දැනහදුනාගැනීම්වලින් පසුව බස්නාහිර මන්ත‍්‍රී පිරිස ප‍්‍රධාන මාතෘකාවට බැස්සෝය. ”පළාත් සභා මන්ත‍්‍රීවරු හමුවෙන්න රට වටේම යන ගමනේදී තමයි අද ඔබතුමාලව මුණගැහෙන්න අපි වයඹට ආවේ. වයඹ සියලූ මන්ත‍්‍රීවරු මෙතැන නැතත් ඔබතුමාලා ටික දෙනෙක් හරි මේ හමුවට ආව එක ගැන අපි ස්තූතිවන්ත වෙනවා. ”. යැයි කියමින් සාකච්ඡාව ආරම්භ කළ බස්නාහිර මන්ත‍්‍රී පිරිස මහින්ද බලයට ගෙන ආ යුත්තේ ඇයිදැයි සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් ලෙස තමන් ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි වයඹ මන්ත‍්‍රීවරුන්ට පැහැදිලි කර දුන්හ.

” මෙහෙම තැන් තැන්වල හැංගි, හැංගි කතාකරලා හරියන්නේ නෑ. හිටපු ජනාධිපතිතුමාව අගමැති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනතා බලවේගයක් හදන්න තමයි අපි මේ මහන්සි වෙන්නේ. මේ බලවේගේ ඇතිකරන්න නම් පළාත් සභා මන්ත‍්‍රීවරු විදිහට අපේ මන්ත‍්‍රීවරු ටිකක් වැඩිපුර ස්ටේජ් එකට නගින්න  ඕනෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළගට තියෙන රත්නපුරේ රැස්වීමේදී වයඹ නියෝජනය කරන ඔබතුමාලා කිහිපදෙනාත් ස්ටේජ් එකට නගියි කියලා. ” .

බස්නාහිර මන්ත‍්‍රීවරු කියා සිටියහ. බස්නාහිරින් කෙරුණු මේ අනපේක්ෂිත යෝජනාවට වයඹින් පළ වූයේ යහපත් ප‍්‍රතිචාරයක් නොවේ. මහින්ද වෙනුවෙන් පණ දෙන්නට කතා කළත් ස්ටේජ් නැගීමට වයඹ මන්ත‍්‍රීවරුන් අදි මදි කරනු දුටු බස්නාහිර මන්ත‍්‍රී පිරිස යළි කතා කළහ.

”තවත් මෙහෙම හැංගිලා ඉදලා පලක් නෑ. මෙතන ඉන්න ඔබතුමාලා සියලූදෙනාම වගේ නුගේගොඩ රැස්වීමටයි, නුවර රැස්වීමටයි ආවා. නමුත් හිටියේ පල්ලේහා. ස්ටේජ් නැග්‍‍‍ෙග් සනත් නිශාන්ත ඇමැතිතුමා, අසංක මන්ත‍්‍රීතුමා, සමන්ප‍්‍රිය මන්ත‍්‍රීතුමා ඇතුඵ කීපදෙනෙක් විතරයි. ඒ නිසා අපි සියලූ දෙනාම රත්නපුරේ රැස්වීමේදීවත් ස්ටේජ් නගිමු. එහෙම නැතුව අපිට මේකට  ඕන ප්‍රෙෂර් එකක් හදාගන්න බෑ. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් නම් මේ වැඬේදී ඉස්සරහින් ඉන්නවා. නමුත් පළාත් සභා මන්ත‍්‍රිවරු තමයි පස්ස ගහන්නේ. ” යැයි ඔවුහු කීහ. 

කෙසේවෙතත් නොහොද, නොක්කාඩුවීම්වලින් තොරව හමුව අවසන් කළ බස්නාහිර මන්ත‍්‍රී නඩය වයඹ මන්ත‍්‍රීවරුන්ට සමු දී, තමන් පැමිණි වාහනවලට ආපසු නැගුණේ ඊළග නෑ ගමන යෙදී තිබූ  සබරගමුව බලා ආරම්භ කරන්නටය.

මහින්ද පුත්තලමේ මන්ත‍්‍රී ගෙවල්වලට නෑගම් එයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා පස්වරුවේ ඇමැති සනත් නිශාන්තගේ , මන්ත‍්‍රී ‍ෙටි‍්‍රවින් ප‍්‍රනාන්දුගේ සහ මන්ත‍්‍රී සුමල් තිසේරාගේ නිවෙස්වලට හදිසියෙන් ගොඩවැදී යන්නට ආවේ අනුරාධපුරයේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගී වී ආපසු තංගල්ලට බලා යන ගමනේදීය. මහින්දගේ පළමු ඇමැතුම ලැබුණේ ඇමැති සනත් නිශාන්තටය.

sanatha nisahantha 01

 ” මම මේ නොචිචියාගම පහුකරන ගමන්. නිශාන්ත ගෙදරද ඉන්නේ. ? ” මහින්ද සනත් නිශාන්තගෙන් ඇසීය. නිශාන්ත ඒ වන විට සිටියේ කුරුණෑගල පැවැත්වෙන රැස්වීමකට සහභාගීවන්නට යන ගමනක බිංගිරියත් පසුකරමිනි. ”සර්, මම මේ කුරුණෑගලට යන ගමන් ඉන්නේ. ඒකට කමක් නෑ. සර් එන්න. මම ආපහු එන්නම්. ආපු එකේ ගෙදරට ගොඩවෙලාම යමු.” සනත් නිශාන්ත මහින්දට ඇරයුම් කළේය. ”හා. මම එන්නම්.” යැයි කී මහින්ද සනත් නිශාන්තගේ ආරාධනාව පිළිගත්තේය. ඒ සැණින් සිය වාහනය ආපසු හැරවූ සනත් නිශාන්ත ජංගම දුරකථනයෙන් සිය සමීප හිතවතුන් කිහිපදෙනෙකුට කතා කර මහින්ද නිවසට එන බවට ආරංචිය ලබා දුන්නේය. ඒ ආරංචියට අත්තටු ලැබීම නිසාදෝ ඊට විනාඩි හතලිස් පහකට පමණ පසුව මහින්ද සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුවේ නිවසට පය තබන විට ගෙවත්ත පිරෙන්නට තරමේ සෙනගක් සනත් නිශාන්තගේ නිවසට පැමිණ සිටියහ. බුලත් හුරුල්ලක් දී සනත් නිශාන්ත විසින් පිළිගැණුනු මහින්ද , ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මැද නිවසට ගොස් අසුන් ගත්තේය. ඇමැති නිශාන්ත විසින් තේ සූදානම් කර තිබූ නමුත් එය ප‍්‍රතික්ෂේප කළ මහින්ද සනත්  විසින් පිළිගැන්වූ පළතුරු රසවිදින අතරේ රටේ දේශපාලන තත්වය පිළිබදව කෙටි පිළිසදරක යෙදීමටද අමතක නොකළේය. පිළිසදර කෙටියෙන් නිමා කළ මහින්ද ”එහෙනම් නිශාන්ත මම යන්නම්. මේ යන ගමනේ සුමල්ගේ ගෙදරටයි, ටෙ‍්‍රවින්ලාගේ ගෙදරටයි දෙකටම ගොඩවෙලා යන්නත්  ඕනෑ. නැත්නම් ඔයාගේ ගෙදරට විතරක් ආවා කියලා ඒ දෙන්නා මාත් එක්ක තරහ වෙයි.” යැයි කියමින් හිද සිටි අසුනෙන් නැගිට්ටේය. නිවසින් එළියේ රැස්වී සිටි ජනතාවට ආචාර සමාචාර කළ මහින්ද වාහනයට නැගී සනත් නිශාන්තගේ නිවසින් පිටත්  වූ අතර කී ලෙසටම කටුනේරියේදී මන්ත‍්‍රී සුමල් තිසේරාගේ නිවසට මෙන්ම මන්ත‍්‍රී වෙන්නප්පුවේදී ටෙ‍්‍රවින් ප‍්‍රනාන්දුගේ නිවසටත් ගොඩවදින්නට අමතක නොකළේය. සුමල්ගේ නිවසට එනවිට සුමල් නිවසේ නොසිටි නිසා සුමල් එනතෙක් මහින්දට විනාඩි විස්සක් පමණ බලා සිටින්නට සිදු විය. රැස්වීමකට සහභාගිවන්නට කුරුණෑගල ගොස් සිටි සුමල්ද මහින්ද ආ බවට ආරංචි වී කඩාගෙන මෙන් ගෙදර ආවේය.

ජුදාස් ! ජුදාස් !

මහජනතාවට අමතරව සුමල්ගේ නිවසට මහින්ද හමුවෙන්නට තවත් විශේෂ පුද්ගලයෙක්ද පැමිණ සිටියේය. ඒ හිටපු ඇමැති දයාශ‍්‍රිත තිසේරාය.

dayasrhitha සුමල් විසින් මහින්දගේ පැමිණීම පිළිබදව  ‘දයාශ‍්‍රිත බාප්පා ’ට කල් වේලා ඇතිවම දැනුම් දී තිබූ නමුත් පක්ෂයෙන් පනවා ඇති තහංචි ගැන කියමින් මහින්ද හමුවෙන්නට දයාශ‍්‍රිත ටිකක් අදි මදි කළේය. බාප්පාගේ පස්ස ගැහීම දුටු සුමල් වෙනදාට වඩා තදින් සිය බාප්පා අමතන්නට වූ අතර එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ සුමල් එන්නටත් සෑහෙන වේලාවකට පෙර සිටම දයාශ‍්‍රිත සුමල්ගේ නිවසට පැමිණ සිටීමය. ඒ එන අතරමගදීත් දයාශ‍්‍රිතට මුහුණ දෙන්නට වූයේ අමිහිරි අත්දැකීමකටය. සුමල්ගේ ආරංචිය ලැබුණු දයාශ‍්‍රිත කොච්චිකඬේ පැත්තේ සිට කටුනේරියේ පිහිටි සුමල්ගේ නිවසට එන්නට පිටත්වූයේය. ඒ එන අතරමගදී මහින්ද එන ආරංචියට මන්ත‍්‍රී ‍ෙටි‍්‍රවින්ගේ නිවස අසලට රැස් වී සිටි පිරිසක් විසින් දයාශ‍්‍රිතගේ වාහනය නවත්වා ගත්හ. පිරිස විසින් දයාශ‍්‍රිතව වාහනයෙන් බස්සවා ගැනීමට උත්සාහ කළ නමුත් සුමල්ගේ ගෙදරයාමට ඇති බව කියා දයාශ‍්‍රිත වාහනයෙන් බැස්සේ නැත. රැස්වී සිටි පිරිස විසින් එය වරදවා වටහාගැනීම නිසාදෝ පිරිස දයාශ‍්‍රිතට බැණවදින්නට පටන් ගත්හ.   ” ඔබතුමා ඉතිං මහින්දව පාවලා දීලා මහින්ද ළගට ගිය කෙනානේ. යන්න. යන්න. ඔයා යන එකමයි හොද . ” පිරිස කෑගසන්නට වූහ. තත්වය නරක හැරෙනු දුටු දයාශ‍්‍රිත එතැනින් පිටත් වී යමු යැයි රියදුරාට කීවේය. ඒ දුටු පිරිස ”ජුදාස් ! ජුදාස් !” අලූත් ජුදාස් !” යැයි කෑගසන්නට වූ අතර දයාශ‍්‍රිත එතැනින් ඇදලා ආවේ පිරිසගේ හූ හඩ මැදය.

සාලින්ද  – ජොනී මළගෙදරදී හමුවෙති.

salinda dissanayake jonston

ජනාධිපතිවරණයෙන් පසුව කුරුණෑගලදී වැඩිපුර දැක ගත නොහැකි වූ මන්ත‍්‍රී ජොන්ස්ටන් කලකට පසුව කළ එළි බැස තිබුණේ පසුගිය සදුදාය. ඒ කුරුණෑගල නගරයේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ මවගේ මළගමකට සහභාගීවීම සදහාය. ඇමැති ජොනීට පෙර මළගෙදරට ආවේ මන්ත‍්‍රී සාලින්දය. මේ දිනවල හිටපු ජනපති මහින්දගේ පසුපසම වැටීගෙන සිටින සාලින්ද දුටු මළගෙදරට පැමිණ සිටි අය සාලින්ද අසලට සේන්දු වී ආගිය තොරතුරු විමසන්නට වූහ. මන්ත‍්‍රී ජොනී මළගෙදරට ආවේ සාලින්ද ජනතාවට උත්තර බදිමින් සිටියදීය. ජොන්ස්ටන් දුටු සැණින් මන්ත‍්‍රී සාලින්ද වෙතින් පළ වූයේ ඔහු වටා රැස්වී සිටි පිරිසගේ ඇස් උඩ යවන තරමේ අනපේක්ෂිත ප‍්‍රතිචාරයකි. පක්ෂ දෙකක සිටියදීත්, එකම පක්ෂයේ සිටියදීත් තමාගේ              ප‍්‍රබලම පසමිතුරෙක් ලෙස සාලින්ද විසින් නිරන්තරයෙන්ම සැලකූ ජොනීව ඉතා සුහදශීලී අයුරින්  පිළිගත් සාලින්ද අතකින් අල්ලා තමා ළගම තිබූ පුටුවේ වාඩිකරවාගැනීමටද කටයුතු කළේය. සාලින්ද විසින් ජොනීගේ ආගිය තොරතුරු විමසා සිටියේ කලෙකින් මුණ නොගැසුණු සමීප හිතමිතුරෙකුගේ තොරතුරු විමසන ආකාරයෙනි. මින් පෙර කවරදාකවක් නොවූ අයුරින් ජොනී – සාලින්ද සුහද කතාබහක යෙදී සිටිනු දුටු මළගෙදර සිටි පිරිස් මළගෙදර පැත්තක තබා මන්ත‍්‍රී දෙපළ වටා රොක්වන්නට වූහ. ” ඔබතුමා මේ දවස්වල මහින්ද මහත්තයා පස්සේමයි නේද? අනුරධපුරෙයි, කතරගමයි යන හැම තැනම හිටියා අපි දැක්කා.” අයෙක් සාලින්දගෙන් විමසා සිටියේය. ” නෑ. එහෙම දෙයක් නෙවෙයි. මම මහින්ද මහත්තයා එක්ක ගියා කියලා මහින්දවාදියෙකුත් නොවෙයි. මම කරන්නේ කළ යුතු දේ. එක එක්කෙනාගේ කෝන්තරවලින් අපිට වැඩක් නෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආයෙත් බලයට එන්න  ඕනෑ නම් මෛත‍්‍රී , මහින්ද, චන්ද්‍රිකා මේ තුන්දෙනාම එකතුවෙන්න  ඕනෑ. එහෙම නැතුව අපේ පක්ෂයට ගොඩයෑමක් නෑ. අනික වැදගත්ම දේ තමයි මහින්ද නැතුව අපිට කිසිම ඡුන්දයක් දිනන්නත් බෑ. මිනිස්සු ඉල්ලන්නේ මහින්දව. ඒක තේරුම් අරගෙන තමයි මම වැඩ කරන්නේ.” සාලින්ද කීවේය.  ”මටත් ආපහු එන්න කියලා යූ ඇන් පී එකෙන් ආරාධනා එනවා. නමුත් මම ආයේ ශ‍්‍රී ලංකා එක දාලා යන්නේ නෑ. මන්ත‍්‍රී ජොනීද කීවේය. කෙසේ වෙතත් දෙදෙනා මළගෙදරින් පිටවී ගියේ සෑහෙන තරම් වෙලාවක් සුහද කතා බහක යෙදීමෙන් පසුවය.

මහින්ද ආණ්ඩු පක්ෂ රැස්වීමත් රත් කරයි.

මහින්ද යළි බලයට ගෙන ආ යුතු බවට කතාවක් ඇදිම නිසා පසුගිය  බ‍්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමද හොද පදමට රත් විය. ආණ්ඩු පක්ෂ රැස්වීමට මහින්ද ගැන මාතෘකාවක් ඇදලා ගත්තේ ඇමැති ඞී. බී. හේරත් විසිනි.  වයඹ – බස්නාහිර මන්ත‍්‍රීවරුන්ගේ රහස් හමුව ගැනත්, එහිදී කළ කියැවුණු දේ ගැනත් ඇමැති ඞී. බී. විසින් ආණ්ඩු පක්ෂ රැස්වීමට විස්තර කර දුන්නේය. ජනතාව දැන් ඉල්ලා සිටින්නේ මහින්ද බවත් , ඒ නිසාම මහින්දව යළි බලයට ගෙනඒම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් කැප වී කටයුතු කළ යුතු බවත් ඞී. බී. සිය අදහස් දැක්වීමෙන් කීය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයක් ඞී. බී. ගේ අදහසට එකග බව පෙන් වූ නමුත් මහ ඇමැති දයාසිරි සහ මන්ත‍්‍රී නිලන්ත රාජපක්ෂ කතා කළේ ඞී. බී. ගේ  මතයට එකග නොවෙන බව පෙන්වමිනි.  ” මම හොදට අරගල කරපු මිනිහෙක්. යු ඇන් පී එකේ ඉද්දිත් අරගල කරන්න ගිහින් තමයි මම නැත්තටම නැති වුණේ. ඒ නිසා මම නම් ඔය වැඬේට එකතු වෙන්නේ නෑ. මම ඔයගොල්ලන්ටත් කියන්නේ අතපුච්චගන්නේ නැතුව, ඉදිරියට එන විදිහට මූණ දෙන්න පුලූවන් වෙන විදිහට , කල්පනාවෙන් වැඩ කරන්න කියලයි. ” දයාසිරි කීවේය. ”මිනිස්සු කියන දේවල් අහන්න නෙවෙයි, අපියි මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න  ඕනෑ මොනවාද වෙන්නේ, මොනවාද කරන්න  ඕනෑ කියලා. මිනිස්සු අපි කියන දේවල් අහනවා. මොන විදිහට හරි මේ වෙනකොට මෛත‍්‍රී ජනාධිපතිතුමා රටේ නායකත්වයටයි, පක්ෂේ නායකත්වයටයි ඇවිල්ලා ඉවරයි. ඒ නිසා එතුමා යන ගමනට අකුල් හෙලන්නේ නැතුව අපි මේ වෙලාවේ එතුමත් එක්ක ඉන්න  ඕනෑ.” යැයි කීවේ මන්ත‍්‍රී නිලන්තය. ඇමැති සනත් නිශාන්ත, ඇමැති දෙහිගම, ඇමැති ඞී. බී. හේරත් මෙන්ම ඇමැති සන්ධ්‍ය සහ මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්, ටිකිරි අධිකාරි, චින්තක මායාදුන්න , අසංක නවරත්න දිගින් දිගටම මහින්ද වෙනුවෙන් පෙනී සිටිය යුතු බවට අදහස් පළකරන්නට වීම නිසා රැුස්වීමේ  පැවැතියේ දැඩි උණුසුමකි. දයාසිරි සහ නිලන්ත, මෛත‍්‍රී සමග රැදී සිටිය යුතුය යන ඔවුන්ගේ ස්ථාවරයේ සිටියදී අනෙක් ඇමැතිවරුන් හතරදෙනා ඇතුඵ මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙක් මහින්ද  ඕනෑ යැයි කියන ස්ථාවරයේම රැදී සිටියහ. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම මහින්ද අරඹයා දෙපිල බෙදී වචන හුවමාරුකද යෙදුණු නමුත් මන්ත‍්‍රී පියුමාල් හේරත්, සෝමසිරි ගුණතිලක, අශෝක පේ‍්‍රමදාස ඇතුලූ කිහිපදෙනෙකු අනුගමනය කළේ මේ දෙකටම නැතිව නිහඩ ප‍්‍රතිපත්තියකි.

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දෝෂාභියෝගයට පණ ආ හැටි.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම රත් කළ අනෙක් මාතෘකාව වූයේ දූෂණ චෝදනා මත සේවයෙන් නෙරපා හැර තිබූ ගුරුවරයෙකුට ,ආණ්ඩුකාර අමරා පියසීලී විසින් යළි පත්වීමක් ලබාදුන් බව කියන සිදුවීමකි. අදාල ගුරුවරයා ඇමැති සනත් නිශාන්තගේ නිවසට නුදුරින් පිහිටි විල්පොත අනුර විද්‍යාලයේ සේවය කළ අයෙකු වූ බැවින් මුල සිටම මෙම සිදුවීම දැනගෙන සිටි ඇමැති සනත් විසින් අදාල ගුරුවරයාගේ  කැරුට්ටුව කණ්ඩායම් රැස්වීම ඉදිරියේ දිග හරින්නට විය.  ”මේ අනුෂ්ක කියන ශාරීරික අධ්‍යාපන ගුරුවරයා මහ සල්ලාලයෙක්. තමන්ගේ ස්ටාෆ් එකේ එකට වැඩ කරන තවත් ගුරුවරයෙකුග් බිරිද දූෂණය කරන්න ගියපු මිනිහෙක්. ඒ විතරක් නෙවෙයි තවත් චෝදනා හතරකට වැරදිකාරයා කරලා රාජ්‍ය සේවයෙන් නෙරපා හැරපු මිනිහෙක්. මේ මිනිහා ආයෙම වතාවක් රස්සාව ඉල්ලලා අපේ හිටපු ආණ්ඩුකාරතුමාට අභියාචනා කළා. හිටපු ආණ්ඩුකාරතුමා ඒක නිශ්ප‍්‍රභ කළා. නමුත් අලූත් ආණ්ඩුකාරවරිය ආවා විතරයි. මේ සල්ලාලයාට ආපහු පත්වීම දීලා. ආණ්ඩුකාරතුමිය කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. අනිත් කාරණාව මේ කේස් එක ගැන මුල ඉදලාම දැනගෙන හිටිය ආණ්ඩුකාර ලේකම්වරිය මේ මිනිහා දූෂිතයෙක් බව දැන දැනම මේ පත්කිරීම කරන්න උඩගෙඩි දීලා තියෙනවා. ” ඇමැති සනත් නිශාන්ත කීවේය. ඒ සමගම මන්ත‍්‍රී චින්තක මායාදුන්නේ මෙන්ම සමන්ප‍්‍රිය හේරත්ද අදහස් දක්වන්නට වූහ. ”මේක ලේසියෙන් අරින්න හොද නෑ මහ ඇමැතිතුමා. ආණ්ඩුකාරතුමිය මේ වගේ වැඩ කිහිපයක්ම කරලා තියෙනවා. මේ වැඬේ දිගටම කෙරීගෙන ගියොත් පළාතේ රාජ්‍ය සේවය නැත්තටම නැති වෙයි. අපිට බහුතර බලයකුත් තියෙන එකේ අත් දෙක බැදගෙන නොඉද අපි මේකට විරුද්ධව මොනවා හරි කරමු.” සමන්ප‍්‍රිය යෝජනා කළේය. ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහි දෝෂාභියෝගයක් ගෙනඒම පිළිබද අදහස හා හාපුරා කියා එළියට පැන්නේ මෙතැනදීය. ඒ පිළිබදව ඇති නීති රීති ගැන කළ දීර්ඝ සාකච්ඡාවකින් පසුව ආණ්ඩුකාරවරියට එරෙහිව ගෙනෙන දෝෂාභියෝගයකට පූර්ණ සහය පළකිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එකගත්වය පළ කළහ. කාරණය බරපතල ගණයේ එකක්  වූ බැවින් මන්ත‍්‍රීවරුන්ගේ හිස් වැනීමෙන් පමණක් සෑහීමට පත් නොවූ දයාසිරි මන්ත‍්‍රීවරුන් සියඵ දෙනාගෙන්ම අත් ඔසවා අනුමැතියක් ලබා ගැනීමට වගබලා ගත්තේය. දෝෂාභියෝගය එක්වරම ඉදිරිපත් නොකර 17 වැනිදා පළාත් සභා රැස්වීමේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කර කරුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව දෙවනුව දෝෂාභියෝගයකට යා යුතු බවටත් කණ්ඩායම් රැස්වීමේදී තීරණය කෙරිණි. ඒ අනුව පළාත් සභා රැස්වීමේදී මේ පිළිබද ප‍්‍රකාශයන් සිදු කිරීම භාර කෙරුණේ ඇමැති සනත් නිශාන්තට සහ මන්ත‍්‍රී පියුමාල් හේරත්ටය.

විපක්ෂය සභාවෙන් ගියත් මන්ත‍්‍රී තුෂාර ඉතිරිවෙයි.      

thushara indunil

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සැලසුම් වූ ආකාරයටම පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමේ  කටයුතු ටිකත් නූලටම සිදු විය. ඇමැති සනත් නිශාන්ත සහ මන්ත‍්‍රී පියුමාල් හේරත් ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් කතාකරමින් සිටියදී විපක්ෂ මන්ත‍්‍රිවරුන් ඊට බාධාකරන්නට වීමෙනුත් ,  ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඒවාට පෙරළා ප‍්‍රතිචාර දක්වන්නට යාමෙනුත් මුඵ පළාත් සභා රැස්වීමම පැවතුණේ එකම කාලගෝට්ටියක් ලෙසිනි. ඇමැති සනත් නිශාන්තගේ ප‍්‍රකාශය කාගෙන ඉවසා සිටි නමුත් තදින්ම කෙරුණු මන්ත‍්‍රී පියුමාල්ගේ ප‍්‍රකාශය දරාගන්නට විපක්ෂයට නොහැකි විය. ඒ නිසාම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුකාරවරිය දිගින් දිගටම විචේචනය කරන බව පැවසූ විපක්ෂ නායක අලවතුවල ඇතුඵ එක්සත් ජාතික පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන් සිය අසුන්වලිව් නැගිට සභා රැස්වීමෙන් ඉවත් වී ගියහ. එජාප මන්ත‍්‍රීවරුන් සියලූදෙනාම අසුන්වලින් නැගී සිටියත් මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් පමණක් අසුනෙන් නැගිට්ටේ නැත. අනෙක් මන්ත‍්‍රීවරුන් සභාවෙන් එළියට යද්දී තුෂාර ඉදුනිල් හිටියේ බර දුරකථන සංවාදයකට වැටීගෙනය. තුෂාර තවමත් අසුනේ බව දුටු ඒ වන විට සභාගැබෙන් ඉවත්වෙමින් සිටි මන්ත‍්‍රී අසංක පෙරේරා තුෂාරගේ ඇගට අතකින් ඇන්නත් අසුනෙන් නැගිට්ටේ තුෂාර නොවේ. සභගැබෙන් එළියට යන්නට ගිය අලවතුවලද ආපසු පැමිණ තුෂාරට අඩගැසූ නමුත් මන්ත‍්‍රී තුෂාර දුරකථන ඇමැතුමේ සිටින ගමන්ම ඔලූව වැනුවා විනා එළියට ගියේ  නැති. එය දුටු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ” ඔක්කොම ගියත් එක්කෙනෙක් ඉන්නවා.” යැයි කෑගසන්නට වූ මන්ත‍්‍රී තුෂාර නමුත් ඊට උත්තර දෙන්නටද ගියේ නැත. සැබැවින්ම එජාපයේ අනෙක් මන්ත‍්‍රීවරුන් සමග තුෂාර එළියට නොගියේ මන්දැයි සභාවේ සිටි සියලූදෙනාට මහත් ප‍්‍රහේළිකාවක් වූ අතර ටිකවේලාවක් ගතවෙද්දී ඊට පිළිතුරු ලැබුණේ සභාපති ධර්මසිරිගෙනි. මන්ත‍්‍රී පියුමාල්ගේ ප‍්‍රකාශය නිමාවීමත් සමග සභාපති ධර්මසිරි විසින් පුද්ගලික ප‍්‍රකාශයක් සදහා තුෂාරගේ නම නිවේදනය කරනු ලැබීය.  ”අපේ මන්ත‍්‍රීවරු ඔකාකෝම එළියට යද්දී  මම මෙච්චර වෙලා හිටයේ මේකට තමයි.” කියමින්,  කුලියාපිටියේ විදුලි දිගුවකට මුදල් වෙන්කිරීමක් ගැන පුද්ගලික කරුණු දැක්වීමක් කළ තුෂාර සිය ලිපිගොනු ටික කිහිල්ලේ ගසාගෙන සභාවෙන් එලියට ගියේය.

 

දයාසිරි මොඞ් වෙයි.

DSC_7041 (FILEminimizer)

සති කිහිපයකම සිට මහ ඇමැති දයාසිරිගේ රැවුල් විලාසිතාවේ යම් වෙනසක් සිදු වී තිබිණි. කොණ්ඬේ, රැවුල කපා කවදාටත් ප‍්‍රසන්න පෙනුමකින් සිටින දයාසිරි මේ දිනවල සිටින්නේ මුහුණ පුරා තරමක රැවුලක් වවාගෙනය. කවදත් ‘නීට් එකට’ සිටින දේශපාලනඥයෙකු ලෙස ප‍්‍රචලිතව සිටින දයාසිරිගේ මේ වෙනස දකින හැමගේම සිත්වල ඇති කළේ මහත් කුතුහලයකි. ඒ සමගම දයාසිරිගේ රැවුල වැවීම අරඹයා යම් යම් කතන්දරද නිර්මාණය වෙමින් පැවිතිණි. සමහරු කීවේ පසුගිය දිනවල සිදු වූ බල පෙරළි පිළිබද කුමන්ත‍්‍රණ හේතුවෙන් දයාසිරි කළකිරීමෙන් සිටින නිසා රැවුල වවාගෙන සිටින බවය. තවත් සමහරු කීවේ අධික වැඩ රාජකාරී නිසා දයාසිරිට රැවුල බාගන්නට වෙලාවක් නැති බවය. එලෙස පැතිරී ගිය තවත් කතාවක් වූයේ වෛද්‍ය උපදෙසක් මත දයාසිරි රැවුල බෑමෙන් වැළකී සිටින බවය. මේ නිසාම පසුගිය සතියේ දයාසිරිට හදිසියේ මුණගැසුණු සමීප හිතවෙතෙකු විසින් රැවුල වැවීම ගැන දයාසිරිගෙන්ම විමසා සිටියේ ඒ ගැන පැතිරී තිබෙන ආරංචි ගැනද දයාසිරිට සිහිපත් කර දෙමිනි. ”ඔය එකක්වත් නොවෙයි. රැවුල ටිකක් වවලා බලන්න  ඕනෑ කියලා මට හිතුණා. ඒකයි මම රැවුල වැව්වේ. ටික කාලයක් මෙහෙමම රැවුල තියාගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ” යැයි දයාසිරි සිනාසෙමින් සිය හිතවතාට කීවේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article