බී.එම්. හශිනි ප්‍රබෝධා බාලසූරිය 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගන්නා ලදී. විසි ඒක් හැවිරිදි හශිනි ප්‍රබෝධා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමණාකරන විෂය හදාරන ප්‍රථම වසරේ ශිෂ්‍යාවකි. ඇය ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අතර ඇයගේ පුහුණුකරු වන්නේ කියුබානු ජාතික ලුවිස් මිරැන්ඩා මහතායි.
වයස අවුරුදු 14 දී මළල ක්‍රීඩාව ආරම්භ කරන හශිනි ප්‍රබෝධා සාමාන්‍ය පෙළ සදහා ලුනුවිල අනුරුද්ධ මහා විද්‍යාලයේදී සහ උසස් පෙළ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා විද්‍යාලයේදී හදාරන ලදී. ලුණුවිල අනුරුද්ධ මහා විද්‍යාලයේ දී ඇයගේ මළල ක්‍රීඩාවට අඩිතාලම වැටුණ බව පැවසූ හශිනි ප්‍රබෝධා පාසලේ භූගෝල විද්‍යා ගුරුවරයෙකුවූ සහ J.A. ජනත් කාංචන නිමාලි ක්‍රීඩා ගුරුවරිය පිළිබදව සිහි කළාය.
” පළමුවෙන්ම මම ක්‍රීඩා කළේ නෙට් බෝල්. ඒතනදී මට පුහුණුකරු වශයෙන් කටයුතු කළේ නිමාලි මිස් – මම පළමුවෙන්ම සහතකියක් ගන්නේ 2014 දී තරගයකදී. ජෝන් ටාබට් මළල ක්‍රීඩා උළෙලේදී. වෙන්නප්පුවේ බාලිකාවේදී මගේ ගුරුවරයා වුණේ පිලිප් රංජිත් මහතා. ඔහු තමා ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන මට්ටමට මාව පුහුණු කළේ. මම මුලිනම 2016 දකුණු ආසියානු තරග වට සහභාගී වුණා. මට 04 වන ස්ථානය ලැබුණා. 2016/2017 අවුරුදු දෙකෙන්ම සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උලේලදී දක්ෂතම ක්‍රීඩිකාව වුණා.
ඒ් වගේම කනිෂ්ඨ ක්‍රිඩා උළෙලෙදී දක්ෂතම ක්‍රීඩිකාව වුණා.”
හසිනි ප්‍රබෝධා බාලසූරිය 2016 දකුණු ආසියාන ක්‍රීඩා උළෙලට, 2017 කනිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලට , කිර්ගිස්තාන් විිිිවෘත තරගාවලිය,ආසියානු ගෘහස්ත ක්‍රීඩාවලිය, ලෝක විවෘත විශ්ව විද්‍යාල මළල ක්‍රීඩා උළෙල නියෝජනය කර තිබේ.