වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් වෑකඩ මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු 2019 සමස්ත ලංකා පාසල් මහා ක්‍රීඩා තරගාවලියේදි රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබේ.
එම විද්‍යාලයේ 12 වෙනි වසරේ ශිෂ්‍යයෙකු වන දිල්ශාන් මීටර් 400දුර දිවීමේ තරගය
තත්පර 47.53 කින් නිමකර තරග වාර්තාවක් තබන ලදී. ඔහු වසරේ දක්ෂතම මළල ක්‍රීඩකයා සහ දක්ෂතම ධාවකයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය.
වෑකඩ මහා විද්‍යාලයට තවත් රන්පදක්කමක් ගෙන ආවේ 16න් පහළ දුර පැනීමේ තරගයෙන් මීටර් 6.24 ක දුර පැන ජයගත් ඔකඳ චේතික හෙට්ටිආරච්චි සිසුවායි.
එල්. එස්. වික්‍රමසිංහ 16න් පහළ මීටර් 5000
දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.